Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි තරගය ජය ගනී

ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි තරගය ජය ගනී

editorial - 2025 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි යොවුන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. 

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත යොවුන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමටද ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණය කරා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යෞවනයෝ ඕවර 48 ක් අවසානයේ ඉලක්කය සපුරාගත්හ. 

නායකත්වයේ පිතිහරඹයක නිරත වූ වමත් දින්සර පන්දු 61 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් රැස්කළ අතර චාමික හීනටිගල පන්දු 46 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කළ සෙත්මික සෙනෙවිරත්න සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායමට විග්නේෂ්වරන් ආකාෂ් ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 47.5 ක් අවසාන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි. එහිදී ආකාෂ් ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

අගනා පිතිහරඹයක නිරත වූ ජොෂුවා ඩෝර්න් පන්දු 112 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමග ලකුණු 82 ක් රැස්කළ අතර බ්‍රෙන්ඩන් බූඩෝ (28) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 46 කදී වාර්තා වූ බූඩෝගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. 


කොදෙව් වයස 19 න් පහළ පිල - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 201 
(ඉයර්සින්හෝ ෆොන්ටේන් 18, ජොෂුවා ඩෝර්න් 82, බ්‍රෙන්ඩන් බූඩෝ 28, ජොනතන් වැනි ලැන්ගේ 26, විග්නේෂ්වරන් ආකාෂ් 30/3, විරාන් චමුදිත 21/2, කවිජ ගමගේ 28/2) 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 204 
(පුලීෂ තිලකරත්න 24, සෙනුජ වෙකුනගොඩ 24, විමත් දින්සර 45, චාමික හීනටිගල 30, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 20, සාචරි කාටර් 42/3, බ්‍රෙන්ඩන් බූඩෝ 27/2) 

-036 


අදහස් (2)

ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි තරගය ජය ගනී
  • Chanie Saturday, 06 September 2025 10:49 AM

    ඔහොම කරගෙන යන්න...

    Reply 0       0

    Renuka jayarathna Sunday, 07 September 2025 08:42 PM

    මෙම තරගය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස මම සිතනවා. සිම්බාව්වේ සමඟ විස්සයි විස්ස තරඟයේ කමිල් මිශාරගේ පිතිකරණය අති විශිෂ්ටයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.