Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් සාජාහිදී අද (23 වැනිදා) පැවැති යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ තරගයකදී කුවේට් කණ්ඩායමට එරෙහිව ලකුණු 274 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 324 ක ඉලක්කයක් හඹාගිය කුවේට් යොවුන් කණ්ඩායමට ඕවර 17.3 කදී සියලූදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 49 ක් පමණි. නායක මීට් භව්සාර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 25 ක් රැස්කරමින් වේගවත් පිතිහරඹයක නිරත වුවද ඔහුගේ දැවීයාමත් සමගින් කුවේට් ඉනිමේ කඩා වැටීම ඇරඹුණි.
මීට් භව්සාර්ට අමතරව අනෙක් ආරම්භක පිතිකරුවා වූ ජූඩ් සල්දාන්හා (12) ලකුණු 10 සීමාව පසු කළ එකම පිතිකරුවා වූ අතර අනෙක් පිතිකරුවන් ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ. මොහොමඞ් බස්තාකි ලකුණු 2 ක් ලබාසිටියදී ආබාධයක් හේතුවෙන් ඉනිම අතර මඟදී පිටියෙන් ඉවත් වූ අතර නැවතත් පන්දුවට පහරදීමට නොපැමිණියේය.
ලකුණු 40 ක් වනවිට කඩුලූ 2 ක් පමණක් අහිමිකරගෙන සිටි කුවේට් යොවුන් කණ්ඩායමේ අවසන් කඩුලූ 7 ලකුණු 9 ක් තුල දවාගැනීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.
ඕවර 5 ක් යවමින් නිලකුණු ඕවර 3 ක් ද සමගින් ලකුණු 4 කට පළමු පිතිකරුවන් තිදෙනාම පිටියෙන් ඉවත් කිරීමට සදීෂ රාජපක්ෂ සමත්වූ අතර ඕවර 1.3 කදී ලකුණු 2 ක් පමණක් ලබාදුන් නායක දුනිත් වෙල්ලාලගේ කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. මතීෂ පතිරණ ලකුණු 7 කට කඩුලූ 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ජයග‍්‍රහණයට දායක විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 323 ක් රැස්කිරිමට සමත්විය.
චමිඳු වික‍්‍රමසිංහ, ශෙවොන් ඩැනියෙල්, පවන් පතිරාජ සහ රනුද සෝමරත්න අර්ධ ශතක ලබාගනිමින් ශ‍්‍රී ලංකා යොවුන් පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
ශ්රී ලංකා යොවුන් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් චමිඳු වික‍්‍රමසිංහ සහ ශෙවොන් ඩැනියෙල් පළමු කඩුල්ල සඳහා පන්දු 104 කදී ලකුණු 91 ක් රැස්කිරීමට සමත්වූහ.
පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් ලබාගැනීමට චමිඳු වික‍්‍රමසිංහ සමත්වූ අතර ශෙවොන් ඩැනියෙල් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් ලබාගත්තේය.
සිව්වැනි කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවක් පැවැත්වූ පවන් පතිරාජ සහ රනුද සෝමරත්න පන්දු 93 කදී ලකුණු 114 ක් රැස්කිරීමට සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරත වූ පවන් පතිරාජ පන්දු 72 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 86 ක් ලබාගත් අතර රනුද සෝමරත්න පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් ලබාගැනීමට සමත්විය.
සදීෂ රාජපක්ෂ පන්දු 37 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 11 කදි හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 19 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ශ්රී ලංකා යොවුන් පිතිකරුවන්ගේ දැඩි ප‍්‍රහාරය හමුවේ කුවේට් යොවුන් කණ්ඩායමේ නායක මීට් භව්සාර් විසින් පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 9 දෙනෙකු උපයෝගී කරගනු ලැබීය. නමුත් සාර්ථක ප‍්‍රතිඵලයක් අත්කර ගැනීමට ඔවුන්ට නොහැකිවූ අතර අවසන් ඕවර 10 තුලදී ලකුණු 95 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ සමත්වූහ.
සීෂාන් අසීම් සහ හබීර් අලී අතර කඩුලූ 2 බැගින්ද, අබ්දුල්ලා සහීර් එක් කඩුල්ලක්ද හිමිවිය.
රනුද සෝමරත්න....
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.