Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල සිංගප්පූරුව පරදවයි

ශ්‍රී ලංකා පිල සිංගප්පූරුව පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්වාලාම්පූර්හිදී අද (08) පස්වරුවේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 33-17 කින් සිංගප්පූරුව පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු 33 රැස් කළේය. සිංගප්පූරුව ගෝලයකින්, දඩුවම් ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

පළමු දිනයේ තරග දෙක අවසානයේ ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියි. පිලිපීනය ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.  

ධනුෂ්ක රංජන්, ජේසන් දිසානායක, සඳුන් හේරත් සහ සුදර්ශන මුතුතන්ත‍්‍රි උත්සාහක දිනුම බැගින් සාර්ථක කිරීමට සමත් වූහ. රීසා මුබාරක් ගෝල ප‍්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහර තුනක් සාර්ථක කරමින් ලකුණු 13 ක් එකතු කිරීමට සමත් විය.

පළමු දිනයේ දෙවැනි තරගයේදී පිලිපීනය ලකුණු 15-10 ක් ලෙස මැලේසියාව පරාජය කළේය.  

ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය මැලේසියාවට එරෙහිව 11 වැනිදා  පැවැත්වීමට නියමිතය.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල සිංගප්පූරුව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.