Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය 3-2 ක ලෙස අවසන් කරමින් ගෞරවාන්විත පරාජයකට හිමිකම් කීමේ උත්සාහයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය රෝගී ලැයිස්තුව දිගු වීමෙන් මේ වන විට දැඩි අසීරුතාවකට මුහුණපා සිටියි.
මේ වන විටත් 3-0 ක් ලෙස තරගාවලිය පරාජය වී සිටින ශ්‍රී ලංකාව, සිය ගෞරවය රැක ගැනීමේ අරමුණින් හෙට (18 වැනිදා) මෙල්බර්න්හිදී පැවැත්වෙන සිවුවැනි තරගය පිවිසෙනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වීමට නියමිතය.
කෙසේ වුවත් පන්දු යවන්නන් කිහිප දෙනකුම කොවිඩ් ආසාදිත වීම සහ විවිධ අබාධයන්ට ගොදුරු වීමත්, ඇතැම් පිතිකරුවන් දිගින් දිගටම ආසාර්ථක වීමත් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව සටනක් දිය හැකි කණ්ඩායමක් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා සිටියි.
කොවිඩ් වයිරසය ආසාදනය වීම හෙතුවෙන් මේ වන විට කණ්ඩායමෙන් ඉවත්ව නිරෝධානය වෙමින් සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙන්ම වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
ඉකුත් 15 වැනිදා කොවිඩ් අසාදිත බවට හඳුනා ගැනුණ වනිඳු, යළිත් වරක් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණදීමට නියමිතව ඇත්තේ මේ මස 21 වැනිදාය. එබැවින් ඔහුට හෙට තරගය පමණක් නොව මෙම තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිවනු ඇත.
කෙසේ වුවත් හෙට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකටත්, අනිද්දා (19 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණකටත් මුහුණදීමට නියමිතව සිටින බිනුරට එම පරීක්ෂණ දෙකේම ප්‍රතිඵල ඍණාත්මක වුවහොත් ඉරිදා (20 වැනිදා) පැවැත්වෙන අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනු ඇත.
තෙවැනි තරගයේදී වම් ඇලපතේ මස්පිඬු ඇදීමකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මෙන්ම පුහුණුවීම් අතරතුර දකුණතේ මහපටගිල්ලේ අස්ථි පිපිරුමකට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ටද තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
පළමු තරග තුනේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ධනුෂ්ක ගුණතිලකට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 1 ක්, 0 ක් සහ 9 ක් ලෙසිනි. කණ්ඩායමේ උප නායක චරිත් අසලංකද මුල් තරග තුනේදීම අසාර්ථක වූ අතර එහිදී ඔහුට ලබාගත හැකි වූයේ පිළිවෙලින් ලකුණු 6 ක්, 0 ක් සහ 6 ක් පමණි.
මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 32 කට සහභාගි වී ඇති අවිෂ්ක එහිදී ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2019 වසරේදී නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 37 ය. අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 ඉනිම් 8 දී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ ලකුණු 0, නොදැවී 2, 0, 4, 3, 13, 6 සහ 5 ක් ලෙසිනි.
කොවිඩ් වයිරසය ආසාදනය වී සිට ඉන් සුවය ලබා තෙවැනි තරගයේදී අවිෂ්ක වෙනුවට කණ්ඩායමට එක්වූ කුසල් මෙන්ඩිස් එහිදී පන්දු 11 කට මුහුණදෙමින් ලබාගත්තේ ලකුණු 4 ක් පමණි. තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද මේ දක්වා පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර මුල් තරග දෙකේදීම ලකුණු නොලබා දැවී ගිය ඔහු තෙවැනි තරගයේදී ලකුණු 8 කට දැවී ගියේය.
තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයන් වන කමිල් මිෂාර සහ ජනිත් ලියනගේද ශ්‍රී ලංකා සංචිතයේ සිටින බැවින් හෙට තරගයේදී පිතිකරුවන්ගේ යම් වෙනසක් බලාපොරොත්තු විය හැකිය. නුවන් තුෂාර වෙනුවට වෙනත් වේග පන්දු යවන්නකු කණ්ඩායමට ඇතුළත් විය යුතු බැවින් ළහිරු කුමාරට හෝ ශිරාන් ප්‍රනාන්දුට හෙට තරගයේදී කණ්ඩායමේ දොරටු විවර වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.