Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා නැඟී එන්නෝ අඩාල වෙති
එංගලන්ත සංචාරය

ශ්‍රී ලංකා නැඟී එන්නෝ අඩාල වෙති

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සදම්ප්ටන් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ අද (13 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියේය.
 

ඒ වන විට නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 7 ක් සමග ලකුණු 46 ක්ද, ධනංජය ලක්ෂාන් හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඔවුන් දෙදෙනා එක්ව නැඟී එන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 60 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 3 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ හැම්ප්ෂයර් ප්‍රාන්ත වේග පන්දු යවන්නෝ, ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ආරම්භය අඩාල කර දැමූහ. කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත් නිෂාන් මධුෂංක, මෙම තරගයේදී ලකුණු 16 කට දැවීයෑමත් සමග ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ කබලෙන් ලිපට ඇද වැටිණ.

ජොන් ටනර්ගේ පන්දුවක් හමුවේ ටොබී ඇල්බට් අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු නොළබා දැවී ගියේ තමා මුහුණදුන් පළමු පන්දුවේදීම වීම කැපීපෙනන සිදුවීමක් විය. නායක නිපුන් ධනංජය ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියේ හැරී පෙටි්‍රගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇනියුරින් ඩොනල්ඩ් අතට උඩ පන්දුවක් දෙමිනි.


ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම - කඩුලු 3 කට 92  
(නිෂාන් මධුෂංක 16, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 46, ධනංජය ලක්ෂාන් 17)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟී එන්නෝ අඩාල වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.