Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(පැතුම් ශ්‍රී විජේරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරකම්වලට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතුවලට බැඳී සිටින බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව මගින් චරිත හේරත් මහතා මේ බව පෙන්වා දී තිබේ.
මෙම වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පිටු 13 ක් (79 සිට 91 දක්වා පිටු) වෙන්කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීමේ නීතිමය පදනම සහ වගකිව යුතු පාර්ශව පෙන්වා දෙමින් එම වාර්තාවේ නිර්දේශ කීපයක් අන්තර්ගත කර තිබේ.
මෙම නිර්දේශ අතර
1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද පනතෙහි ක්‍රිකට් ආයතන සංයුතිය පිළිබඳ සඳහන් වන බවත්, ක්‍රිකට් ආයතන නියෝජනයන් සිදුවිය යුතු ආකාරය පෙන්වා දී ඇති බවත්,
2. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රිකට් ආයතනය ඇතුලු අනෙකුත් සියලු ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වන බවත්,
3. ඒ අනුව එම දෙපාර්තමේන්තුවට අදාළ පනතෙහි ප්‍රතිපාදන මත ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වන බවත්,
4. එකී පනතෙහි මෙම ආයතනය විගණනය වන ආකාරය පැහැදිලිවම සටහන් වන බවත්,
5. ඒ අනුව මෙම ආයතනය අවසාන වශවෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්,
6. ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරකම්වලට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු වලට බැඳී සිටින බවත්,
7. යම් ආයතනයක් රජයේ ගැසට් නිවේදන යටතේ අමාත්‍යාංශයක් යටතට පත්කර නොමැති නම්, එම ආයතනය ජනාධිපතිවරයා යටතට පත්වන බවත්,
8. ක්‍රිකට් ආයතනය රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනය වන්නේ නම් එම ආයතනයේ කටයුතු සඳහා රජයේ අරමුදල් භාවිතා කර ඇත්නම් එම ආයතනය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්,
පෙන්වා දී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර රූපවාහිනී විකාශය, අනුග්‍රාහකත්වය ඇතුලු අනෙකුත් ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති කරුණු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීම සම්බන්ධ ගැටලු, දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම වෙනුවෙන් අත්තිකාරම් ගෙවීම, නොනිමි වැඩවලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම්, පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීම යන කරුණු සම්බන්ධයෙන්ද නිර්දේශ ඉදිරිපත්කර තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ ක්‍රියාකාරකම් පරීක්ෂා කර බලා, කෝප් කමිටුව හමුවේ කරුණු වාර්තා කරන ලෙසද මෙමගින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
- අද පුවත්පත අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.