Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණට
2026 ආසියානු ක්‍රීඩා සුදුසුකම් තේරීමේ තරග

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණට

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මේ වසරේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී බංග්ලාදේශය ගෝල 3-2 ක් ලෙසින් පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා හොකී ක්‍රීඩකයෝ සමත්ව සිටිති. අන්තර්ජාතික හොකී තරගයකදී ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශය පරාජය කරන ලද්දේ වසර 20 කට පමණ පසුවය. 

තායිලන්තයේ බැංකොක් නුවරදී අද (3 වැනිදා) පැවැති තරගයේදී බංග්ලාදේශය 3-2 කින් පරාජය කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය. 

උස්බෙකිස්තානයට එරෙහිව ඊයේ (2 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානය පරාජය කරමින් ගෝල 3-1 ක ජයක් වාර්තා කළේය. 

තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ දෙදෙනෙක් සිටිති. ධම්මික රණසිංහ සහ කුසල් වීරප්පුලි මේ වන විට ගෝල 2 ක් බැගින් ලබාගෙන සිටින අතර තරගාවලියේදී ගෝල 3 ක් බැගින් ලබාගත් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සිටිති. 

මූලික වටයේදී උස්බෙකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් තරග වදිති. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී සහභාගිවන මීළඟ තරගය 6 වැනිදා (සඳුදා) චීන තායිපේ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. 

තරගාවලියේ අවසන් පූර්ව තරග අප්‍රේල් මස 9 වැනිදාත් අවසන් තරගය 10 වැනිදාත් පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 6 (එක් එක් කාණ්ඩයේ කණ්ඩායම් 3 ක් බැගින්) 2026 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගනු ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.