Last Update  :  2025-12-09 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපැදි සවාරිය මාර්තුවේදී

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපැදි සවාරිය මාර්තුවේදී

editorial - 2025 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

යාපනයේ මානිපායි හි හරිත අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන ‘ශ්‍රී ලංකාව වෙනුවෙන්’ පාපැදි සවාරිය 2026 මාර්තු 11 වැනිදා ආරම්භ වේ. 10 වැනි වරටත් පැවැත්වෙන මෙම පාපැදි සවාරිය කොළඹ සිට යාපනය දක්වා කිලෝ මීටර 450 ක දුරකින් යුත් පාපැදි සවාරියකි.

‘ශ්‍රී ලංකාව වෙනුවෙන්’ පාපැදි සවාරිය 2026 මාර්තු 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වේ. ලෝකය පුරා සිටින පාපාදි ලෝලීහු 85 දෙනෙක් මෙවර පාපැදි සවාරියට එක්ව සිටිති. 

එක්සත් රාජධානියේ ලියාපදිංචි පුණ්‍යායතනයක් වන ‘මානිපායි රෝහලේ මිතුරෝ’ යන සංවිධානය විසින් පාපැදිකරුවන් 6 දෙනකු පමණක් සහභාගි කරවාගනිමින් 2017 දී මෙම පාපැදි සවාරිය ආරම්භ කරන ලදි. 2026 වසරේදී එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, ප්‍රංශය, ඇමරිකාව, කැනඩාව මෙන්ම ශ්‍රී ලංකාව ද නියෝජනය කරමින් පාපැදිකරුවෝ 85 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. 2024 වසරේදී මෙම පාපැදි සවාරිය සඳහා පාපැදිකරුවෝ 75 දෙනෙක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගෙන් මානිපායි හි හරිත අනුස්මරණ රෝහලට විශාල පරිත්‍යාගයක් ලැබිණ. 

මේ වසරේදී පාපැදිකරුවන් 85 දෙනකු සිය සහභාගිත්වය තහවුරුකර ඇති බැවින් පාපැදිකරුවන් ලියාපදිංචිය අත්හිටුවා තිබේ. 

පාපැදි සවාරිය මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලය අසළින් ආරම්භ වේ. 2026 සවාරිය සඳහා ලාස් වේගාස් නුවරදී පැවැති ලෝක රූ රැජන තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් අමන්දා ඉෂාදි මෙනෙවියද මෙම ඉසව්වේ තානාපතිනියක ලෙසින් ඉදිරිපත් වන්නීය. එමෙන්ම පැරීසියේ සිට යාපනය දක්වා පාපැදියෙන් පැමිණි ඉනෝ සුරන් ද 2026 සවාරියට එක්වීමට සූදානමින් සිටී. 

“වසර 10 ක් තිස්සේ කොළඹ සිට මානිපායි දක්වා පැමිණි සෑම පාපැදිකරුවෙක්ම ලාබ නොලබන සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල දායකත්වයක් දරා තිබෙනවා. එමෙන්ම පොදු පහසුකම් අඩු මානිපායි ප්‍රදේශයේ ප්‍රජාව සවිබල ගැන්වීමටත්, සංහිඳියාව වර්ධනය කිරීමටත් ඔවුන්ගේ කාර්යය මනා පිටුවහලක් වී තිබෙනවා” යයි ‘මානිපායි රෝහලේ මිතුරෝ’ යන සංවිධානයේ භාරකරු ආනන්දන් ආර්නල්ඩ් මහතා පැවසීය. 



ස්පොට් ඔන් මනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නොයෙල් සුගන්දන් මහතා සහ වී.එස්.එස්. නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එස්. සුගතන් යන මහත්වරුන් විසින් ‘ශ්‍රී ලංකාව වෙනුවෙන්’ පාපැදි සවාරියේ 2026 නිල බැනියම නිරාවරණය කළ අවස්ථාව

 


අදහස් (0)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපැදි සවාරිය මාර්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.