Last Update  :  2025-07-28 12:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව නැවතත් පෙරමුණට

ශ්‍රී ලංකාව නැවතත් පෙරමුණට

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) අවසන් වීමත් සමගින් අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නැවතත් ශ්‍රී ලංකාවට හැකිවිය.

සිව්වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගින් ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 83.33% ක් දක්වා පහත වැටුණු  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමට අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පල්ලම් බැසිමට සිදුවිය.

තරග 2 කට පමණක් ක‍්‍රීඩාකර එම තරග 2 ම ජයගත් ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 24 ක් ලබා 100% ක ජයග‍්‍රාහී ප‍්‍රතිශතයකට හිමිකම් කියන්නේය.

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තරග 4 කට පමණක් ක‍්‍රීඩාකර ඇති ඕස්ටේ‍්‍රලියාව ඉන් තරග 3 ක් ජයගනිමින් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. ඒ අනුව ප‍්‍රසාද ලකුණු 40 ක් ලබාගනිමින් 83.33% ක ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් හිමිකර ගෙන ඇත.

ජයග‍්‍රාහි ප‍්‍රතිශතය 75% ක් ලබාගෙන ඇති පාකිස්තානය තෙවැනි ස්තානයේ පසුවන අතර ඉන්දියාව (55.21%) සිව්වැනි ස්ථානයේ පසුවන්නේය. දකුණු අප‍්‍රිකාව (50.00%) 5 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය (33.33%) 6 වැනි ස්ථානයටත්, බටහිර ඉන්දීය කොදෙව් පිල (25.00) 7 වැනි ස්ථානයටත් පත්ව ඇත.

බංග්ලාදේශය හමුවේ ලැබූ පරාජයත් සමගින් ජයග‍්‍රාහී ප‍්‍රතිශතය පහළ ගිය නවසීලන්තය (11.11%) 8 වැනි ස්ථානයේ පසුවේ. පිට පිට තරග 3 ක පරජයත්, සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් හේතුවෙන් ජයග‍්‍රාහි ප‍්‍රතිශතය 10.41% ක් වූ එංගලන්තයට 9 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවිය.

මන්දාගාමී පන්දු යැවීම හේතුවෙන් අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 3 ක් ඉන්දීයාවට අහිමිවූ අතර එංගලන්ත කණ්ඩායමට ලකුණු 10 ක් අහිමිවිය.


අදහස් (0)

ශ්‍රී ලංකාව නැවතත් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.