Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳව ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළබෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
විස්සයි-20 තරග 3 කින්, එක්දින තරග 5 කින් සහ ටෙස්ට් තරග 2 කින් සමන්විත සති හතක දීර්ඝ සංචාරයක නිරත වීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් එළබෙන ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ.
කෙසේ වුවත් අරගලකරුවන් සහ පවතින රජයට පක්ෂපාතී පිරිස් අතර ඉකුත් සඳුඳා (9 වැනිදා) හටගත් ගැටුම්වලදී පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත්, 200 දෙනෙකු පමණ තුවාල ලැබීමත් හේතුවෙන් උක්ත තරග සංචාරය පිළිබඳව යළිත් වරක් සිතා බැලීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුව තිබේ.
මෙම තරග සංචාරයේදී තරග වැදීම සඳහා ආකෘති 3 ට වෙන වෙනම ප්‍රබල සංචිත 3 ක් නම් කිරීමට ඉකුත් මාසයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. ඊට සමගාමීව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 4 කින් සමන්විත තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමක්ද නම් කෙරිණ.
මෙම තරග සංචාරයට අයත් තරගවලින් විස්සයි-20 තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ ‘ඒ’ කණ්ඩායම් තරග 2 ක් පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි දරුණුම කොටස සිදුවූ කොළඹ නගරයේදී වීමද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි අවධානයට යොමුවී තිබේ.
ඉකුත් අප්‍රේල් මාසයේදී හසිදි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදී දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තරගාවලිය පැවැත්වීමට සුදුසු වාතාරවණයක් රට තුළ පවතින බවට වාර්තා ඉදිරිපත් කර තිබිණ.
කෙසේ වුවත් යළිත් වරක් තත්ත්වය අයහපත් අතට හැරීමත් සමග ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කණ්ඩායම් එවීම සම්බන්ධයෙන් යම් සැකයක් මතුව තිබේ. ඉකුත් සඳුඳා හටගත් ගැටුම් සහ ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් පිළිබඳ විදෙස් මාධ්‍යයන් ඔස්සේ දිගින් දිගටම ප්‍රචාරය වීමද එම සැකයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
වසර 24 කට පසුව එනම් 1998 වසරෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පළමු වරට ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූයේ ජනාධිපතිවරයකුට ලබා දෙන ආරක්ෂාව මධ්‍යයේය. එහිදී පාකිස්තානයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමටද ඕස්ට්‍රේලියාව සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.