Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග ඔක්තෝබර් මස 18-20 සහ 22 දිනවලදී පැවැත්වේ. එම තරග අබුඩාබි වේලාවෙන් පස්වරු 6.00 ට ආරම්භ වන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30 වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් මස 18 වැනිදාත්, අයර්ලන්තයට ඔක්තෝබර 20 වැනිදාත් නෙදර්ලන්තයට එරෙහිව ඔක්තෝබර් 22 වැනිදාත් තරග වදී. ප්‍රධාන තරගාවලියේදී, සුපිරි 12 දෙනාගේ වටයට පැමිණීමට නම් ශ්‍රී ලංකාව අවම වශයෙන් සුදුසුකම් තේරීමේ තරග 3 න් 2 ක් හෝ ජයගත යුතුය.
සුපිරි කණ්ඩායම් 12 තරග වදින තරග වටය ඔක්තෝබර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ප්‍රධාන තරගාවලියේ සමාරම්භක තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව අබුඩාබිහිදී තරග බිමට පිවිසෙනු ඇත. ආරම්භක දිනයේ ඩුබායිහිදී තවත් තරගයක් පැවැත්වෙන අතර අවසන් වරට පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙක වන එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතය.
ක්‍රිකට් ලොව ප්‍රබලම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය ඔක්තෝබර් මස 24 වැනිදා සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙති. අතර එදිනම සුදුසුකම් ලැබීමේ වටයෙන් පළමු කාණ්ඩයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක අතරද තරගයක් පැවැත්වෙනු ඇත.
තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය 'ඒ' සහ 'බී' ලෙස කාණ්ඩ 2 කින් සමන්විත වන අතර එහි 'ඒ' කාණ්ඩය යටතේ ඕමානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශයද, 'බී' කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාවද තරග වදිනු ඇත.
සුදුසුකම් ලැබීමේ වටයේ තරග ඔක්තෝබර් මස 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම වටය අවසානයේ 'ඒ' සහ 'බී' කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 4 සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.
සුපිරි 12 දෙනාගේ වටය තරග 30 කින් සමන්විත වන අතර එහිදී කණ්ඩායම් 6 බැගින් පළමු සහ දෙවැනි කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. මේ වන විට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු කාණ්ඩයටත්, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සමහ ඇෆ්ඝනිස්ථානය දෙවැනි කාණ්ඩයටත් ඇතුළත්ව සිටිති.
නොවැම්බර් මස 8 වැනිදා සුපිරි 12 දෙනාගේ වටයේ තරග අවසන් වන අතර එහිදී පළමු සහ දෙවැනි කාණ්ඩවල ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 වැනිදා අබුඩාබිහිදීද, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 11 වැනිදා ඩුබායිහිදීද පැවැත්වේ.
අවසන් මහ තරගය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.