
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (10 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී සංචාරක කණ්ඩායමට එරෙහිව ජය ගැනීමට හැකිවුවහොත් විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් අතරේ ස්ථාන කිහිපයක් ඉහළට නැගීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම වි-20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත ලකුණු 235 ක් ලබා 9 වැනි ස්ථානයේ සිටී. දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත ලකුණු 246 ක් ලබා ශ්‍රේණිගත කිරීම් අතර 5 වැනි ස්ථානයේ පසුවන්නේය. ඕස්ටේ්‍රලියාව ශ්‍රේණිගත ලකුණු 240 ක්, බංග්ලාදේශය ශ්‍රේණිගත ලකුණු 239 ක් සහ ඇෆ්ඝනිස්තානය ශ්‍රේණිගත ලකුණු 236 ක් ලබාගනිමින් පිළිවෙලින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 6, 7 සහ 8 වැනි ස්ථානයන්හී පසුවෙති.
ශ්‍රී ලංකාව, ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර විශාල ශ්‍රේණිගත ලකුණු පරතරයක් නොමැති බැවින් විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට හැකිවුවහොත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වඩා ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 4 ක් ඉදිරියෙන් දකුණු අප්‍රිකාව සිටින බැවින් ඔවුන් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වුවහොත් ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව සැලකිය යුතුලෙස පහත වැටෙනු ඇත. නමුත් දකුණු අප්‍රිකාව තරගාවලිය ජය ගත්තද ශ්‍රේණිගත කිරිම්හී ඉදිරියට යෑමේ අවස්ථාවක් ඔවුන්ට හිමි නොවේ.
යම් හෙයකින් විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස හෝ 2-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුවහොත් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් ලයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා පහත වැටීමේ අවදානමක්ද ශ්‍රී ලංකාව හමුවේ තිබේ.
එංගලන්තය ශ්‍රේණිගත ලකුණු 278 ක්, ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු 266 ක් සහ පාකිස්තානය ශ්‍රේණිගත ලකුණු 261 ක් ලබාගනිමින් පිළිවෙලින් ශ්‍රේණිගත කිරීම්හී පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවෙති.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.