Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ලාහොර් නුවර ගඩාෆි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැවෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසානයේ අබ්දුල්ලා ශෆීක් හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක්ද, අසාර් අලී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 70 කි.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලූ 9 ක් ඇතැතිව ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 301 ක් පසුපසින් සිටියි. පාකිස්තාන ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ඉමාම් උල් හක් ලකුණු 11 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
පළමු දිනය වූ ඊයේ (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියානුවෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 159 ක් එක්කර ගත්හ. එහිදී කැමරන් ගී‍්‍රන් (79) සහ ඇලෙක්ස් කේරි (67) අර්ධ ශතක ලබාගනිමින් ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ග‍්‍රීන්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර කේරිගේ තෙවැනි අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනා එක්ව ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 135 කි. නව්මාන් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවෙමින් කේරි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම - සියලූ දෙනා දැවී 391
(උස්මාන් කවාජා 91, ස්ටීවන් ස්මිත් 59, ට‍්‍රැවීස් හෙඞ් 26, කැමරන් ගී‍්‍රන් 79, ඇලෙක්ස් කේරි 67, නසීම් ෂා 58/4, ශහීන් අෆ්රිඩි 79/4)
පාකිස්තාන පළමු ඉනිම - කඩුල්ලක් දැවී 90
(අබ්දුල්ලා ශෆීක් නොදැවී 45, අසාර් අලී නොදැවී 30)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.