Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඉනිමක ජයක්
නිල නොවන ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඉනිමක ජයක්

editorial - 2024 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නිසල තාරකගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 211 කට සීමාකර දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ, කොළඹ ඕවල් පිටියේදී පැවැති නිල නොවන ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 26 ක ජයක් අත්කර ගත්හ.

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 3-2 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම නිල නොවන ටෙස්ට් තරගයද ඉනිමකින් ජයගත්තේය. 

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 237 ක  ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය අවසන් කළේ කඩුලු 3 කට ලකුණු 108 ක් ලබා සිටිමිනි. එහෙත් අද (14 වැනිදා) පෙරවරුවේදී ලකුණු 103 ක් ඇතුළත ඉතිරි පිතිකරුවෝ අට දෙනාම දැවී ගියහ. 

ඉම්රාන් මීර් (53) සහ ඉජාස් අහමඩ් (54) අර්ධ ශතක දෙකක් ලබාගත් නමුත් ලකුණු 42 කට කඩුලු 6 ක් දවාගත් නිසල තාරක ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම පරාජයේ අගාධය කරා ඇද දැම්මේය. 

ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 435 
(ඕෂධ ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ 145, විෂාද් රන්දික 63, වනුජ සහන් 75, නවීඩ් සද්රාන් 94/2, සියා-වුර්-රෙහෙමාන් 127/6)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ - පළමු ඉනිම 198 
(ඉම්රාන් මීර් 62, බහීර් ෂා 23, රහමනුල්ලා 17, ඉජාස් අහමඩ් 28, අබ්දුල් හදී 45, වනුජ සහන් 58/5, නිෂාන් පීරිස් 37/3)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ - දෙවැනි ඉනිම 211 
(ඉෂානුල්ලා 27, ඉම්රාන් මීර් 53, ඉජාස් අහමඩ් 54, අබ්දුල් හදී 19, නවීඩ් සද්රාන් 34, නිසල තාරක 42/6, නිශාන් පීරිස් 63/2)

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.