Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශබාස් - කාර්තික් බැංගලෝර් පිල දිනවති
අයි.පී.එල්.- 2022

ශබාස් - කාර්තික් බැංගලෝර් පිල දිනවති

editorial - 2022 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශබාස් අහ්මඩ්ගේ (45) සහ දිනේෂ් කාර්තික්ගේ (නොදැවී 44) වේගවත් පිතිහරඹයන් හමුවේ රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව මුම්බායිහි වැන්කඬේ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 තරගය කඩුලු 4 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ශබාස් අහ්මඩ් පන්දු 26 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් සහ දිනේෂ් කාර්තික් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් ලබාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ආරම්භක පිතිකරුවන් වූ ෆෆ් ඩු ප්ලේසීස් ලකුණු 29 ක් සහ අනුජ් රාවත් ලකුණු 26 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

යුස්වේන්ද්‍ර චාහල් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද රාජස්ථාන් රෝයල්ස් පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තේය.

තරමක් මන්දගාමී ලෙස සිය ඉනිම ආරම්භ කළ ආරම්භක පිතිකරු ජොස් බට්ලර්, අවසන්  ඕවර කිහිපයේදී ලකුණු රැස්කිරීමේ වේගය වැඩි කරමින් පන්දු 47 කදී හයේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 70 ක් රැස්කළේය.

එහිදී දෙව්දූත් පඩික්කල් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බට්ලර්, ඉන් නොනැවතී ශිම්රන් හැටේමෙයර් (නොදැවී 42) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 83 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්ථාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
 
පන්දු 31 කට මුහුණදුන් හැට්මෙයර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 39 කදී වාර්තා වූ පඩික්කල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. සංජු සැම්සන් පන්දු 8 කින් ලකුණු 8 ක් ලබා සිටියදී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.


රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 3 කට 169
(ජොස් බට්ලර් නොදැවී 70, දෙව්දූත් පඩික්කල් 37, ශිම්රන් හැට්මෙයර් නොදැවී 42)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී 173
(ෆෆ් ඩු ප්ලේසීස් 29, අනුජ් රාවත් 26, ශබාස් අහ්මඩ් 45, දිනේෂ් කාර්තික් නොදැවී 44, යුස්වේන්ද්‍ර චාහල් 15/2, ට්‍රෙන්ට් බෝල්ට් 34/2)

-036 

 


අදහස් (0)

ශබාස් - කාර්තික් බැංගලෝර් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.