Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අකාලයේ දිවියෙන් සමුගත් ෂේන් වෝන්, මෙල්බර්න් නුවර පිහිටි ශාන්ත කිල්ඩා පාපන්දු ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) සිය සමීප හිතවතුන්ගෙන් සමුගත්තේය. ශාන්ත කිල්ඩා පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති අවමංගල්‍ය උත්සවයට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි කාලයේදී සුපිරි තරු ලෙසින් වැජඹුණු ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රීඩකයෝ 80 ක් පමණ සහභාගි වූහ.
එංගලන්ත ටෙස්ට් පිලේ හිටනු නායක මයිකල් වෝන්, ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයන් වන ඇලන් බෝඩර්, මාක් ටේලර් සහ මයිකල් ක්ලාක් වැන්නන් පමණක් නොව 80 දශකයේ හිටපු දැවැන්තයන් වන මර්ව් හියුස් වැන්නෝද මෙම චාම් අවමංගල්‍ය උත්සවයට සිටියහ. වෝන්ගේ කණ්ඩායම් සගයින් වූ ඉයන් හීලි, මාක් වෝ සහ ග්ලෙන් මැග්‍රාත් වැන්නෝද එහි සිටියහ.
ලෝ පරසිඳු ක්‍රිකට් ක්‍රීඩකයකු වූවද, ෂේන් වෝන්, මෙල්බර්න් නුවර පිහිටි ශාන්ත කිල්ඩා පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රබල ආධාරකරුවකු වූයේය. තායිලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටි ෂේන් වෝන් මේ මස පළමු සතියේදී හදිසියේම මෙලොව හැර ගියේය. ඔහුගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වූයේ හෘදයාබාධයකි.
වෝන්ගේ හිටපු බිරිඳ වන සිමෝනා කැලගන්, දරුවන් වන බෲක්, ජැක්සන් සහ සමර් තිදෙනාද එහි සිටියහ. ඒ අතර වෝන්ගේ හිටපු බිරිඳක වන එංගලන්ත නිරූපිකා එළිසබෙත් හර්ලි පැවසූවේ වෝන්ගේ අවසන් මොහොත වෙනුවෙන් යාමට නොහැකිවීම තමන්ගේ හදවත කම්පා කළ බවයි.
වෝන්ගේ ප්‍රාන්ත ක්‍රීඩාංණය මෙන්ම ලෝකයේ පැරණිතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයද වන මෙල්බර්න් ක්‍රිකට් පිටියේදී ෂේන් වෝන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් මේ මස 30 වැනිදා පැවැත්වෙනු ඇත. වසර 2006 දී එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රෝස් දවාගනිමින්, මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කළ ෂේන් වෝන්, මෙල්බර්න් පිටියේදී පමණක් දවාගත් කඩුලු සංඛ්‍යාව 56 කි.
ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.