Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝන්ගේ මරණය ස්වභාවිකයි

වෝන්ගේ මරණය ස්වභාවිකයි

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ හදිසි මරණය ස්වභාවික හේතුන් මත සිදුවූවක් බව තායිලන්ත පොලිසිය කියයි. ෂේන් වෝන්ගේ ජෛව සාම්පල පරීක්‍ෂාවකින් පසුව තායිලන්ත පොලිසිය මේ බව තහවුරු කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 

තායිලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටි ෂේන් වෝන් පසුගිය සිකුරාදා ඔහුගේ නවාතැනේදී කතා නැතිව වැටී සිටි අතර රෝහලට ගෙන යාමෙන් පසුව මියගියේය. ඔහුගේ මිතුරන් වෝන්ට කෘතිම ස්වසනය දී ඇතත්, වෝන්ගේ ජීවිතය ගලවාගත නොහැකි විය. 

මූලික වාර්තා වලින් කියැවුණේ වෝන් හෘදයාබාධයකින් මියගිය බවයි. එහෙත් වෝන්ගේ ජෛව සාම්පල පරීක්‍ෂාවෙන් පසුව වෝන් මියගියේ ස්වභාවික හේතුන් මත බව වෝහාරික වෛද්‍යවරු අද (7 වැනිදා) තහවුරු කළහ. මෙම නිවේදනයත් සමගින් ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණ අවසන් වනු ඇත. 

වෝන්ගේ සිරුර බැංකොක් බලා යැවෙන අතර එහිදී  ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට බාරදෙනු ඇත. පසුව එය ඕස්ට්‍රේලියාවට යැවෙනු ඇත. 

ෂේන් වෝන්ට රාජ්‍ය ගෞරව සහිත අවමංගලෝත්සවයක් පිරිනමන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර තිබිණ. 

“මේ අවස්ථාව ගැන විස්තර කරන්න පුළුවන් නිවැරදි වචන හොයාගන්න බෑ. ෂේන් නැති හෙට දවසක් ගැන හිතාගන්නවත් බෑ” යයි ෂේන්ගේ මාපියන් වන බ්‍රිජට් සහ කීත් වෝන් නිවේදනය කළහ. 

“මට දැනටමත් දැනෙන පාළුව කියාගන්න බැ.... මම ඔයාව  වැළඳගත්ත අවස්ථාව, අවසන් වතාව කියලා දැනගෙන හිටියා නම් මම ඊට වඩා තදින් ඔයාව වැළඳගන්නවා” යයි  වෝන්ගේ දියණිය, සමර් වෝන් කියා සිටියාය. 

වෝන්ගේ මරණය සිදුවූ දා පටන්ම, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඔහුගේ පිළිරුව අසළ මල් කළඹ, බියර් කෑන් සහ වෝන් කැමති වූ තවත් බොහෝ දේ තබමින් ක්‍රිකට් ලෝලීහු තමන්ගේ සංවේදී බව පළකළහ. 

වෝන්ගේ අවමංගල උත්සවය රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතය. 

- 213


අදහස් (0)

වෝන්ගේ මරණය ස්වභාවිකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.