Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝන්ගේ අවසන් කටයුතු 30 වැනිදා මෙල්බර්න්හිදී

වෝන්ගේ අවසන් කටයුතු 30 වැනිදා මෙල්බර්න්හිදී

editorial - 2022 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මෙම මස 30 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය අද (9 වැනිදා) නිවේදනය කළේය.

පනස් දෙහැවිරිදි වියේ පසුවූ වෝන් ඉකුත් සිකුරාදා තායිලන්තයේ නිවාඩු නිකේතනයක් තුළදී ජීවිතක්ෂයට පත් වූයේය. ඔහු හදිසි හෘදයාබාධයකින් පසු ස්භාවික හේතුවෙන් මත මියගොස් ඇතැයි මරණ පරීක්ෂණවලදී හෙළිවිය. මේ වන විට ඔහුගේ දේහය ඕස්ට්‍රේලියාවට රැගෙන යෑම සඳහා කටයුතු සම්පාදනය වෙමින් පවතී.

වෝන්ගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත්, ඊට සහභාගී වීම සඳහා මහජනතාවට ප්‍රවේශපත් නිකුත් කරන බවත් වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදන කරයි.  

“වෝන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පරම්පරාවක් ආස්වාදනයට පත්කළා පමණක් නොව, ක්‍රීඩාවට නිර්වචනයක්ද ලබාදුන්නා. ඔහුට සමුගැනීම සඳහා මෙල්බර්න් ක්‍රීඩාංගණය තරම් සුදුසු තැනක් ලොව කොහේවත් නැති වේවි” යයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මාර්තු 30 වැනිදා සවස පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේදී අපේ ප්‍රාන්තයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට වෝන් දැක්වූ දායකත්වය වෙනුවෙන් උපහාර දැක්වීමට වික්ටෝරියානු වැසියන්ට හැකි වනු ඇතැයිද ඩැනියෙල් මහතා සිය නිවේදනය ඔස්සේ වැඩි දුරටත් කියා සිටියේය.


-036


අදහස් (0)

වෝන්ගේ අවසන් කටයුතු 30 වැනිදා මෙල්බර්න්හිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.