වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන විස්සයි:20 කි‍්‍රකට් තරගාවලිය හෙට (2 වැනිදා) ආරම්භ වේ. අර්ධ අවසන් පූර්ව වටයෙන් ආරම්භ වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වන අතර අද දිනයේ තරග වෙළෙඳ සේවා කී‍්‍රඩාංගණයේදී සහ කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මේ වසරේ විස්සයි විස්ස තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට වෙළඳ සේවා ක්‍රිකට් සංගමය අපේක්ෂා කරයි. ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමයේ ‘ඒ’ කොටසේ සිට ‘සී’ කොටස දක්වා කණ්ඩායම් තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමයේ ‘ඞී’ සිට ‘ජී’ කොටස්වල කණ්ඩායම් නියෝජනය කරමින් කණ්ඩායම් තරග වදිනු ඇත. එබැවින් මෙම තරගාවලිය ප්‍රවීණ ක්‍රීඩකයන් සහ ආධුනිකයන් යන දෙපාර්ශ්වයටම සිය දක්ෂතා පෙන්නුම් කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
සියලූම කණ්ඩායම් වර්ණ ඇඳුමින් තරග බිමට පිවිසෙන අතර තරග සඳහා සුදු පැහැති පන්දුව භාවිතා කෙරේ. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මැයි 2 වැනදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
තරගාවලි දෙකටම අදාළව ශූරතාව, අනුශූරතාව, තරගාවලියේ වීරයා, අවසාන තරගයේ වීරයා, දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පිතිකරුවා යන ත්‍යාග හා කුසලානවලට අමතරව වඩාත්ම විනයගරුක ක්රීඩකයාටද විශේෂ කුසලානයක්ද පිරිනැමෙනු ඇත.
අවසන් පූර්ව තරග මැයි 3 වනදා (අනිද්දා) පැවැත්වෙන අතර අවසාන මහා තරගය 2014 මැයි 4 වැනිදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. සියලූම තරග තණතීරු මත පැවැත්වෙන අතර අවසාන තරගය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද සියලූ කටයුතු සම්පාදනය කර ඇතැයි සංවිධායකයෝ කියති.
එයාර්ටෙල් යනු ශී‍්‍ර ලංකාවේ මෙන්ම විදේශයන්හිද ක්‍රීඩා අනුග්‍රාහක ක්ෂේත්රයට මහා පරිමාණයෙන් පිවිස සිටින්නකු වන අතර මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු, රග්බි, පිහිනුම් ක්‍රීඩාව, ඔරු පැදීම, පැසිපන්දු සහ ටෙනිස් ආදී ක්‍රීඩාවන්ට අදාළව අන්තර් පාසල් මට්ටමේ තරගාවලි රැසක් සඳහා අනුග්‍රාහක දායකත්වය සපයා ඇත.
මෙම ගිවිසුමත් සමග එයාර්ටෙල්, වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල විස්සයි විස්ස සුපිරි තරගාවලි සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්වේ.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම:
හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මොබිටෙල් ලංකා සමාගම, එම්. ඒ. එස් ටේ්රඩිං (ඇක්ටිවා), ටෙක්ස්ටර්ඞ් ජර්සිස්, එම්. ඒ. එස් ඉන්ටිමේට්ස් (යුනිචෙලා), කොමර්ෂල් ක්‍රෙඩිට් සහ සම්පත් බැංකුව
ඡයාරූප විස්තරය:
තරගාවලියට අනුග්‍රහය දැක්වීමේ චෙක්පත භාරතිී එයාර්ටෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ගුණවර්ධන මහතා විසින් වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක මහතාට බාරදුන් අවස්ථාව...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.