Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කේන් විලියම්සන්ගේ නායකත්වයේ පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 21 තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විලියම්සන් පන්දු 46 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 57 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.
අභිෂේක් ශර්මා (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 64 සම්බන්ධතාවක් ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද විලියම්සන් සමත් විය. පන්දු 32 කදී වාර්තා වූ අභිෂේක්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව යෑමට පෙර රාහුල් ත්‍රිපාටි පන්දු 11 කදී ලකුණු 17 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 50 ක් ලබා ගුජරාට් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
ඩේවිඩ් මිලර් (12) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පාණඩ්‍යා, ඉන් නොනැවතී අභිමන්යු මනෝහර් (35) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ගුජරාට් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු 21 කදී වාර්තා වූ මනෝහර්ගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර ආරම්භක පිතිකරු මැතිව් වේඩ් පන්දු 19 කදී ලකුණු 19 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 162
(මැතිව් වේඩ් 19, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 50, අභිනව් මනෝහර් 35, ටී. නටරාජන් 34/2, බුවනේෂ්වර් කුමාර් 37/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 168
(අභිෂේක් ශර්මා 42, කේන් විලියම්සන් 57, රාහුල් ත්‍රිපාටි 17, නිකලස් පූරන් නොදැවී 34)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.