Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
නවසීලන්ත නායක කේන් විලියම්සන් වැලමිටේ ආබාධයක් හේතුවෙන් අවම වශයෙන් මාස දෙකක කාලයක් විවේක ගනු ඇති බව පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා ඊයේ (7 වැනිදා) ප‍්‍රකාශ කළේය. ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව ජනවාරි මාසයේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියද ඔහුට මඟහැරී යනු ඇත.
වැලමිටේ ආබාධය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව මුම්බායිහි පැවති දෙවන ටෙස්ට් තරගය ද විලියම්සන්ට අහිමි විය. එහිදී ඉන්දියාව හමුවේ වාර්තාගත ලකුණු 372 ක පරාජයක් හිමිවූ නවසීලන්තය 1-0 ක් ලෙස තරඟාවලියද පරාජයට පත් විය.
”කේන් හොඳින් ඉන්නවා. එය ඔහුට අමාරු කාල පරිච්ෙඡ්දයක් වනු ඇතැයි මම හිතනවා’’ යැයි කණ්ඩායම ආපසු නවසීලන්තය වෙත යාමට පෙර මුම්බායි සිට වාර්තාකරුවන් හමුවේ ස්ටෙඞ් මහතා පැවසුවේය.
වැලමිටේ ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය නොවන නමුත් පෙබරවාරි සහ මාර්තු මාසවලදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට ක‍්‍රීඩා කිරීමට තරම් විලියම්සන් යෝග්‍ය වනු ඇතැයි අනාවැකි කීමට ද ස්ටෙඩ් මැලි විය.
”අපි උත්සාහ කරන්නේ එයට කාල රාමුවක් නොතැබීමටයි,” ස්ටෙඩ් වැඩිදුරටත් පැවසීය.
මේ වසරේ නවසීලන්තය දිනාගත් ලෝක ටෙස්ට් ශූරතාව ආරක්ෂා කිරීමේ පළමු අවස්ථාව ඉන්දීය තරගාවලිය විය.
මුම්බායි හිදී ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 62 කට දැවී යාම ගැන නොසතුටට පත් වූ අතර, කාන්පූර් හි පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම ගැන ස්ටෙඞ් සතුටු විය.
”ගොඩක් කණ්ඩායම් මෙතනට ඇවිත් තරග කරනවා, ඉතින් මෙතනින් ලකුණු ලබාගන්න එක ඇත්තටම හොඳ ජයග‍්‍රහණයක්,” ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.