Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැස්සේ බාධා මැද දිමුත්ගෙන් අර්ධ ශතකයක්

වැස්සේ බාධා මැද දිමුත්ගෙන් අර්ධ ශතකයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර චිතගොන්හිදී අද (26 වැනිදා) ආරම්භවූ පළමු සිවුදින තරගයේ පළමු දිනය නිමාවන විටදී පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත්විය.

ඒ වනවිට ළහිරු තිරිමාන්න ලකුණු 66 ක් සහ චරිත් අසලංක ලකුණු 12 ක් රැස්කරමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 25 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩුල්ලේ රැඳී සිටිති.

ඊයේ පස්වරුවේදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය විටින් විට නතර කිරීමට සිදුවූ අතර පළමු දිනයේදී ඒ නිසා ඕවර 29.4 ක් අපතේ ගියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න දැවීයන විට ලකුණු 60 ක් රැස්කර සිටියේය. ඛලීඞ් අහ්මඞ් පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවු දිමුත් එහිදී පන්දු 106 කට මුහුණදෙමින් හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කර තිබුණි.

පළමු කඩුල්ල ලෙස ලකුණු 4 ක් රැස්කර සිටි ළහිරු මිලන්ත දැවීයාමෙන් පිටියට පිවිසි ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක සම්බන්ධතාවයක් දිමුත් කරුණාරත්න හා එකතුව ගොඩනැගීමට සමත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකුම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් කිරීමට ඛලීඞ් අහ්මඞ් සමත් විය.

ශ්‍රී ලංකා ‘ඒ‘  - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.ඛලීඩ් අහ්මඩ් 60
ළහිරු මිලන්ත - ඇ.සකීර් හසන් ප.ඛලීඩ් අහ්මඩ් 4
ළහිරු තිරිමාන්න - නොදැවී  66
අශාන් ප්‍රියංජන් - ඇ.සකීර් හසන් ප.අබූ හයිඩර් 23
සධීර සමරවික්‍රම - ක.මු.කළා ප.ඛලීඩ් අහ්මඩ් 2
චරිත් අසලංක - නොදැවී 12
අතිරේක (පා-2, නි-2) 4
එකතුව (ඕවර 60.2 කදී කඩුලු 4 ක් දැවී ) 171
කඩුලු වැටීම 
1-12 (මිලන්ත), 2-97 (කරුණාරත්න), 3-143 (ප්‍රියංජන්), 4-146 (සමරවික්‍රම)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ශම්මු අශාන්, ප්‍රභාත් ජයසූරිය, නිසල තාරක, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් මඳුශංක
පන්දු යැවීම
අබූ හයිඩර් 9-1-22-1
ඛලීඩ් අහ්මඩ් 14-5-37-3
නයීම් හසන් 15-2-37-0
මොහොමඩ් සයිෆුඩීන් 6.2-1-14-0
නස්මුල් ඉස්ලාම් 8-0-37-0
මොසැඩෙක් හුසේන් 3-1-5-0
සෞම්‍ය සර්කාර් 5-1-17-0

 


අදහස් (0)

වැස්සේ බාධා මැද දිමුත්ගෙන් අර්ධ ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.