Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වාද විවාද මැද්දේ කොදෙව්වෝ 300 කට දැවී යති

වාද විවාද මැද්දේ කොදෙව්වෝ 300 කට දැවී යති

Nisanka Sandeepani - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සැකයක් හේතුවෙන් ඇතිවූ මතහේදයත් පන්දුව මාරුකිරීමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ විරෝධතාවත් අවසන් කිරීමෙන් පසුව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට සිය මුල් ඉනිමේදී ලකණු 300 කට දැවී ගියේය. වාද විවාද මැද්දේත් වරින් වර වර්ෂාවෙනුත් බාධා පැමිණි මෙම තරගයේදී කොදෙව් පිලට ලබාගත හැකිවූ මුල් ඉනිමේ වාසිය ලකුණු 47 ක් පමණි. 

ශාන්ත ලුසියාහිදී ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනයවූ ඊයේ (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම ආරම්භ කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය. එහෙත් ඒ වන විටත් කොදෙව් පිලට වඩා ලකුණු 13 ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා පිල සතුව තිබුණේ කඩුලු 9 ක් පමණි. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව පළුදු කළේය යන සැකය මත කොදෙව් පිලට දඬුවම් ලකුණු 5 ක් ප්‍රදානය කරමින් ඒ වන විට නොදැවී සිටි පිතිකරුවන් දෙදෙනාට වෙනත් පන්දුවක් තෝරාගැනීමේ අවසරයද විනිසුරුවරුන්ගෙන් ලැබිණ. අලීම් දාර් සහ ඉයන් ගෝල්ඞ් යන විනිසුරුවරුන්ගේ එම චෝදනාවත් සමගින් නායක චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයෝ ක්‍රීඩාකිරීම ප්‍රතික්‍ෂේප කළ අතර සෙනසුරාදා තරගය ආරම්භ කිරීම පැය දෙකකික් ප්‍රමාදවිය.

අඩුම දඬුවමක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු 5 ක් ප්‍රදානය කළ අතර එම වැදගැම්කට නැති තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ දැඩි කෝපයට පත්ව සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ යන මහත්වරු සමගින් තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූහ.

කෙසේ වෙතත් පැවැති විරෝධතාවයෙන් පසුව පන්දුව මාරු කිරීමටත් නැවත ක්‍රීඩා කිරීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම එකඟවිය.

“ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදී දෙයක් කිරීමට සම්බන්ධවී නොමැති බව කණ්ඩායම් කළමණාකරු දන්වා තිබේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේය. කොළඹ කාර්යාලය සමගින් කථාබස් කරගැනීමෙන් අනතුරුව චන්දිමාල් ඇතුළු කණ්ඩායම ක්‍රීඩා කිරීමට සඳහා එකඟකරවා ගැනීමට හැකිබූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

කණ්ඩායමත් සමග පිටියට යන ලෙසත් තරගය දිගටම පවත්වාගෙන යන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙන් දුන් බවත් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරගන්නා ලෙසත් පැවසු බව එම නිවේදනයේ සඳහන්විය. තරගය ආරම්භ වීමෙන් පසුව අතර බටහිර ඉන්දිය කොදෙව් පළමු ඉනිම ලකුණු 300 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

දෙවැනි දිනය අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 118 ක් රැස්කර සිටි කොදෙව් පිලට ඊයේ (සෙනසුරාදා) රැස්කරගත හැකිවූයේ තවත් ලකුණු 182 ක් පමණි. දිනයේ අවසන් භාගයේදී කොදෙව් අවසන් කඩුලු 6 ලකුණු 59 ක් තුළ බිඳ වැටිණ. වේගයෙන් සහ ආක්‍රමණශීලී ලෙස පන්දු යැවීමක නිරතවු ළහිරු කුමාර ලකුණු 86 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහු මෙම තරගාවලියේදී දැනට කඩුලු 11 ක් දවාගෙන ඇත.

ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් අර්ධ ශතකයක් (61) ක් ලබාගත් අතර ටි්‍රනිඩෑඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් ෂේන් ඩව්රිච් ලකුණු 55 ක් කණ්ඩායම එක් කළේය.

රොස්ටන් චේස් සමගින් එක්ව පසුවැනි කඩුල්ල සඳහා ලකුණු 78 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූ ෂේන් ඩව්රිච් සැලකිය යුතු මට්ටමේ වාසියක් කොදෙව් කණ්ඩායමට ලබාදීමට සමත්විය.

තෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා දැවීයන විට ලකුණු පුවරුව 34 ක් ලෙස දිස්විය. ශැනන් ගේබ්‍රියෙල්ගේ පන්දුවක් හමුවේ කඩුලුරකින ෂේන් ඩව්රිච් හට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරා දැවීයන විට ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 20 ක් පමණි.

dsdsd

lakdj

 


අදහස් (0)

වාද විවාද මැද්දේ කොදෙව්වෝ 300 කට දැවී යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.