Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අබුඩාබි රාජ්‍යයේදී පැවත්වෙන දහයයි-10 තරගාවලියේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව බදාදා (01 වැනිදා) පැවැති තරගයකදී දහයයි-10 ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තා කිරීමට වනිඳු හසරංග සමත් විය. එම තරගයේදී නිලකුණ ඕවරයක් සමග ඕවර 2 ක් යවා ලකුණු 8 කට කඩුලු කඩුලු 5 ක් දවාගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.
එදා මෙදා තුර අඩුඩාබි දහයයි-10 ඉතිහාසයේ නිලකුණු ඕවරයක් යැවූ එකම පන්දු යවන්නො ලෙසද වනිඳු වාර්තා අතරට එක්ව සිටී. මේ වන විට තරග 10 කදී කඩුලු 18 ක් දවාගෙන සිටින වනිඳු, මෙවර අබුඩාබි දහයයි-10 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාය.
අබුඩාබි දහයයි-10 තරගාවලියකදී වැඩිම කඩුලු ලාභියා ලෙස සම වාර්තාවටද වනිඳු හිමිකම් කියන අතර ඔහුට පෙර 2018 වසරේදී නොදර්න් වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක හාර්ඩස් විලියන්ද කඩුලු 18 ක් දවාගෙන තිබේ. මේ වන විටත් වනිඳු ක්‍රීඩා කරන ග්ලැඩියේර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බැවින් එහිදී එක් කඩුල්ලක් හෝ දාවාගැනීමට සමත් වුවහොත් ඔහු එම වාර්තාවේ තනි අයිතිය තමන් සතුකර ගනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය ටයිගර්ස් කණ්ඩායමට වනිඳුගේ පන්දු යැවීම හමුවේ ඕවර 8.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී ටයිගර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉසුරු උදාන පන්දු 11 කදී වේගවත් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගනි. කෙසේ වුවත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 140 ක් ලබාගත්තේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කෝලර් කැඞ්මෝ පන්දු 30 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 96 ක් රැස්කළේය.
පළමු කඩුල්ල වෙනුවෙන් ඔන්ඩි්‍ර රසල් (නොදැවී 26) සමග එක්ව පන්දු 57 කදී ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කැඞ්මෝ සමත් විය.
බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 8.3 කදී සියලු දෙනා දැවී 78
(ෆෆ් ඩුප්ලෙසි 15, ඉසුරු උදාන 33, වනිඳු හසරංග 05/5)
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 10 කදී කඩුල්ලල් දැවී 140
(කෝලර් කැඞ්මෝ 96, ඔන්ඩි්‍ර රසල් නොදවී 26, ඔඬේන් ස්මිත් නොදැවීව 12)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.