
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අනිද්දා (8 වැනිදා) ආරම්භ වේ. 8 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk ඔස්සේ ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීමේ සම්බන්ධිතයට පිවිසිය හැකිය. මේ මස 18 වැනිදා දක්වා ක්‍රීඩකයන්ට ලියාපදිංචි විය හැකිය.
දඹුල්ල තන්ඩර්ස් හැරුණු විට එල්.පී.එල්. තරගාවලියේ අනෙක් සියලුම කණ්ඩායම් හිමිකරුවන් වෙනස් වී තිබෙන බැවින්, මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි කිරීමක් නොකෙරේ. ඒ වෙනුවට එක් එක් කණ්ඩායමට ක්‍රීඩකයන් නිර්දේශ කෙරෙනු ඇත.
2020 දී ආරම්භ කරන ලද එල්.පී.එල්. තරගාවලිය, 2024 දක්වා දිගටම පැවැති නමුත්, නොවැළැක්විය හැකි කරුණු කිහිපයක් මත පසුගිය වසරේදී නොපැවැත්විණ. එල්.පී.එල්. ඉතිහායසේ 6 වැනි තරගාවලිය වන 2026 තරගාවලිය ජූලි සහ අගෝස්තු මාස වලදී පැවැත්වීමට නියමිතය.
තරගාවලිය කොළඹ එස්.එස්.සී, ආර්. ප්‍රේමදාස, පල්ලෙකැළේ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.