(වාර්තාව සහ ඡායාරූප : භාතිය අර්ථනායක මහතාගේ මුහුණු පොත පිටුවෙනි)
ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තරගාවලියට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණ දීම ඔවුන්ගේ ගමනේ අරමුණ විය.
ඒ අව්අස්සේ අවසන් අභිපේ්රරණ දේශනය ළමුන් වෙනුවෙන් පවත්වන්නැයි මට වෙඩි තැබීමේ සංගම් පරිපාලනයෙන් ඉල්ලීමක් ලැබිණ. ඒ අනුව මම 23 වැනිදා වැලිසර වෙඩි පිටියේ දී ඔවුන් හමුවූයෙමි.
දේශනය නිමාවේ දී සාමාන්‍යයෙන් ළමුන්ට පෞද්ගලිකව මා හමුවීමට අවස්ථාවක් දීම මගේ සිරිතය. ඒ අනුව නාවික හමුදාවේ එගොඩවෙල මා අබිමුව පෙනී සිටියාය. ඈ සිටියේ දැඩි පීඩනයක බව මට හැගිණ. ඈ එය පිටකරගත නොහී අඩන්නට වූවාය. ඉකිබිදුම අතරින් කදුළු කැට කඩා හැළෙද්දී මගේ දෑස ද තෙත් විය.
25 වැනි දා පස්වරු 2.00 ට වෙඩි තැබීමේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබූ අතර, ඒ වනවිටත් ඇගේ තුන්මස් නිවුන් දරුවන්ට වීසා ලැබී නොතිබිණ. නිවුන් දරුවන් මවගේ කිරි හැර වෙනත් කිරි වර්ග ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවන් හැර දමා යා නොහැක.
ඇගේ සහයට ඈ සමග යන්නට සිටි ඇගේ සැමියා දිල්රුක් සියළු වෙර දැරීමෙන් පසු 22 වැනි සිකුරාදා දරුවන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන තිබුණ ද වීසා නිකුත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නියම කර තිබුණේ සඳුදාටය. එය මව සමග පිටත්ව යාමට දරුවන්ට ඇති අවස්ථාව අහිමි වීමක් වන අතර, මව නැතිව දරු දෙදෙනා සමග පමණක් ගුවනට නැගීම දිල්රුක්ට කළ හැක්කක්ද නොවීය. එක්දින වීසා නිකුත් කිරීමට ඔවුන්ගෙන් රුපියල් 44000 ක් ඉල්ලා තිබිණ.
එගොඩවෙල මේ තරගාවලියට සුදුසුකම් ලබා තිබුණේ දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසු පැවති ජාතික ශූරතාවලියේදීය. සැත්කමෙන් වූ තුවාල පැසවා වේදනාවෙන් පෙළෙද්දීත් නිවැරදි ඉලක්කය ගත් එගොඩවෙලට මෙතැනදී පසු බැස යාමට ඉඩදීම මගේ අපේක්ෂාව නොවීය. මෙතරම් මානසික පීඩනයක් මැද ඈ කෙසේ නම් ඉලක්කය ලබා ගන්නද?
”පොඞ්ඩක් ඉන්න පුතේ. අපිට විකල්පයක් තියෙනවා. අපි ඒකට උත්සාහ කරමු”
”ඔයා 25 හවස ප්ලේන් එකට නගිනවා. හැබැයි බබාලා දෙන්නා එක්ක. මාව විශ්වාස කරන්න.” මම කීවෙමි.
අනතුරුව දුරකතනයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඇමතූ මම ප්රශ්නය පැහැදිලි කළ අතර, ඔහු එය මනාව තේරුම් ගත්තේය.
වෙඩි තබන්නියගේ මානසික සුවය ඉතාමත් වැදගත් බවත්, ඒ සදහා සදුදා උදෑසන 10 වනවිටවත් වීසා ලබා ගැනීම අවශ්‍ය බවත් මම පැහැදිලි කළ අතර සදුදා අලූයම තමා අමතා සියලූ තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
සදුදා දිනය තීරණාත්මක වූ අතර එගොඩවෙල ගුවන් තොටුපලට පිටත්ව ගියේද දරුවන් නොමැතිවය. උදෑසන 08.00 වනවිට ඇගේ ක්‍රීඩා උපකරණ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂා කිරිම සඳහා යොමු කළ යුතුව තිබිණ.
ඒ අතරතුර ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇමතූ කී‍්‍රඩා ඇමතිවරයා, හැකි ඉක්මනින් දරුවන්ට සහ සැමියාට වීසා ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ.
දහවල් 12.30 පමණ වනවිට ගුවන් තොටුපලේ සිට දුරකතනයෙන් මා ඇමතූ එගොඩවෙල, තමා සමග දරුවන් එක් වූ බව සතුටු කඳුළු වගුරුවමින් දැනුම් දුන්නාය.
ගුවහාටි වෙඩි පිටියට පැමිණි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවේ එගොඩවෙල සිය ප්‍රණාමය පුද කර හ`ඩන විට මගේ මෙන්ම කී‍්‍රඩා අමාත්‍යවරයාගේද දෑස් කදුලින් පෙ`ගී ගියේය. එදිනම රාත්‍රීයේ මා ආදිත්‍යා හෝටලයේ දී කුඩා වෙඩික්කරුවන් දෙදෙනා බැහැදැකීමට යද්දී උන් වෙඩික්කාර අම්මාගෙන් බඩ පැලෙන්නට කිරි බී සුවසේ නිදමින් උන්හ.
සාග් යනු රන් පදක්කම් පිළිබද කතාවක් පමණක් නොවේ. කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, අනෙකාගේ දුක තේරුම් ගැනීම වැනි බොහෝ දේද ඊට අන්තර්ගතය.
මීට දින කිහිපයකට පෙර ලැබූ රිදී සහ ලෝකඩ පදක්කම් ගර්හාවට ලක් කල පෝස්ටුවක් බුකියේ දුටු අතර එවැන්නන්ට කීමට ඇත්තේ හැම පදක්කමක්ම පිටුපස මෙවැනි කඳුලූ කතාවක් පවතින බවය. එබැවින් එගොඩවෙල දැනටමත් දිනා ඇති සාග් ලෝකඩ පදක්කම මට නම් ඔලිම්පික් පදක්කමකට වඩා අගනේය
කර්තෘ සටහන :
මෙම වාර්තාව අප පළකරනුයේ හුදෙක් භාතිය අර්ථනායක මහතාගේ විශිෂ්ට කි‍්‍රයාමාර්ගය අගය කිරීමටත්, එම අවස්ථාවේදී ඊට මැදිහත් වූ කී‍්‍රඩා ඇමතිවරයාගේ කි්රයාකලාපයේ ඇති වගකීම් සහගත බව ලොවට පෙන්වාදීමත් සඳහාය.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පදක්කමක් සොයා යාමේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මුහුණ දෙන දහසකුත් එකක් කරදර කම්කටොළු ඇති නමුත් අවාසනාවට මෙන් බෙහෝ දෙනකුගේ අවධානයට ලක්වන්නේ ඔවුන් මුහුණ දෙන දුක් කම්කටොළු නොව, ජයග්රහණයෙන් පසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හිමිවන ත්‍යාග මුදල් සහ අනෙකුත් වරප්‍රසාද පිළිබඳවය.
එවන් පටු අදහස් පිරුණු චින්තාවලිය වෙනස් විය යුතුමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.