Last Update  :  2026-04-30 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන ශූරයන්ගේ දුර්ලභ හමුවක්

ලෝක කුසලාන ශූරයන්ගේ දුර්ලභ හමුවක්

editorial - 2026 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නවසීලන්තය වෙනුවෙන් රග්බි ලෝක කුසලානය දිනාගත් නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු නායක කිරන් රීඩ් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහ නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම සම ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් රග්බි තරගාවලිය වෙනුවෙන් කිරන් රීඩ් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. 

නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන සමයේදීත් කිලෝ ග්‍රෑම් 110 කට ආසන්න බරකින් යුත් කිරන් රීඩ් අඩි 6, අඟල් 4 ක් උස, දැවැන්ත සිරුරකින් යුත් ක්‍රීඩකයෙකි. රග්බි පිටියේ අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරමින්, වසර 2008 සිට 2019 දක්වා නවසීලන්තය වෙනුවෙන් රග්බි ටෙස්ට් තරග 127 කට ක්‍රීඩා කළ කිරන් රීඩ් රග්බි තරග 52 කට නායකත්වය දුන්නේය. රග්බ ටෙස්ට් තරග වලදී ඔහු විසින් තබන ලද උත්සාහක දිනුම් සංඛ්‍යාව 26 කි. 

කිරන් රීඩ් 2011 සහ 2015 වසර දෙකේදීම ලෝක කුසලාන දිනාගත් නවසීලන්ත පිලට ක්‍රීඩා කළේය. 

කිරන් රීඩ්ගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කළ මැලිබන් බිස්කට් සමාගමේ බිස්කට් නිෂ්පාදනාගාරයට පැමිණි කිරන් රීඩ් හමුවීමට 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරියද එහි පැමිණ සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලාන තරගයේදී ඇඳසිටි කමිසයක්, නායක අර්ජුන, අරවින්ද සහ සනත් ජයසූරියගේ අත්සන් සහිතව කිරන් රීඩ්ට පිරිනැමුණු අතර කිරන් රීඩ්ගේ අත්සන සහිත රග්බි කමිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත පිරිනමන ලදි. 


අදහස් (0)

ලෝක කුසලාන ශූරයන්ගේ දුර්ලභ හමුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.