Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නව නායකයකු මෙන්ම නව පුහුණුකරුවකු යටතේ පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම දෙදෙනාටම ජයග්‍රාහී ආරම්භයක් ලබා දුන්හ. ජායිපූර්හිදී ඊයේ පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී නවසීලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූ හෙයන් නව නායක රෝහිත් ෂර්මා මෙන්ම නව පුහුණුකරු රාහුල් ද්රාවිඞ්ද පළමු තරගයේදීම ජයපැන් රස අත්වින්දෝය.
ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 48 ක් ද සූර්යකුමාර් යාදව් ලකුණු 62 ක් ද ලබාගත්හ.
කඩුලු 8 ක් අතේ තිබියදී, අවසන් ඕවර 4 න් ජයග්‍රහණය සඳහා ඉන්දියාවට අවශ්‍යව තිබුණේ ලකුණු 23 කි. එහෙත් නවසීලන්ත පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතුවීම හේතුවෙන් අවසන් ඕවරයේදී ලකුණු 10 ක ඉලක්කයක් ඉන්දියානුවන්ට ලැබිණ. කෙසේ වෙතත් අවස්ථානුකූල පන්දු යවන්නකු වන ඩැරිල් මිචෙල් යැවූ අවසන් ඕවරයේ පන්දු 4 කින් ඉන්දියානුවෝ එම ලකුණු 10 ලබාගත්හ.
මෙම ජයත් සමගින් ඉන්දියානුවෝ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති.
ඉන්දීය විස්සයි-20 පිලේ හිටපු නායක විරාට් කෝලි මෙම තරගයෙන් ඉවත්ව සිටින්නේ ඉදිරියේ එන ටෙස්ට් තරගාවලියට සූදානම් වීමේ අපේක්ෂාවෙනි. ටෙස්ට් තරගාවලියට සූදානම් වන නවසීලන්ත නායක කේන් විලියම්සන්ද මෙම තරගයට ක්‍රීඩා නොකළේය.
ඉලක්කය හඹා යාමේදී ඉන්දියානුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් ලෝකේෂ් රාහුල්ගේ දැවීයාමත් සමගින් නවසීලන්තය සිය ග්‍රහණය දැඩි කිරීමට සූදානම් විය. එහෙත් රෝහිත් ෂර්මා සහ සූර්යකුමාර් යාදව් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක්කළේ අවසන් ලකුණු 56 සඳහා පන්දු 40 ක් ඉතිරි කරමිනි.
හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් ලබාගත් යාදව් දැවීයන විට ඉන්දියාව ජය පෙනෙන මානයේ විය. කෙසේ වෙතත් නවසීලන්තය නැවත වරක් ග්‍රහණය දැඩිකළේය. පා දඟ පන්දු යවන්කු වන ටොඞ් ඇස්ට්ල්ට තවත් ඕවරයක් ඉතිව තිබුණ නමුත් නවසීලන්තයේ වැඩබලන නායක ටිම් සවුති පන්දුව බාරකළේ ඩැරිල් මිචෙල් වෙතය.
කඩුල්ලක්ද දවාගත් නමුත් ඩැරිල් මිචෙල් එම ඕවරයේදී වයිඞ් පන්දු දෙකක් යැවීම අවාසියට හිටියේ එක අතිරේක පන්දුවක් හතරේ සීමාවෙන් එපිටට යැවීමට රිෂාබ් පන්ට් සමත්වූ බැවිනි.
දෙපිල අතර දෙවැනි විස්සයි-20 තරගය හෙට (සිකුරාදා) රංචි නුවරදී පැවැත්වේ.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 164 යි
(මාටින් ගප්ටිල් 70, මාක් චැප්මන් 63, ටිම් සේෆර්ට් 12, බුවනේෂ්වර් කුමාර් 24/2, රවිචන්ද්‍රන් අශ්වින් 23/2)
ඉන්දියාව - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 166
(ලෝකේෂ් රාහුල් 15, රෝහිත් ෂර්මා 48, සූර්යකුමාර් යාදව් 62, රිෂාබ් පන්ට් නොදැවී 17, ටේරන්ට් බෝල්ට් 31/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.