Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් වරට පැවැති යූරෝ 2016 පාපන්දු තරගාවලියේ ශූරයන් බවට පත් වූ ‍පෘතුගාලය, මෙවර යූරෝ 2020 පාපන්දු තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගනිමින් ‘එෆ්’ කාණ්ඩ‍ය යටතේ ඊයේ (15 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ගෝල 3-0 කින් හංගේරියාව පරාජය කිරීමට සමත් විය.

එහිදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සහ ගෝලයක් ලබාගනිමින් පෘතුගාල ජයග්‍රහණයේ වැඩි ගෞරව දිනාගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය. ‍රොනාල්ඩෝගේ එම ගෝල ද්විත්වය යූරෝ පාපන්දු තරගාවලියකදී ඔහු වාර්තා කළ 10 වැනි 11 වැනි ගෝල ලෙස සටහන් විය‍.

ඒ අනුව මේ දක්වා යූරෝ පාපන්දු තරගාවලින්හිදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ප්‍රංශයේ මයිකල් ප්ලැට්නි පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමටද රොනාල්ඩෝට හැකි විය. මෙම තරගයට පෙර ප්ලැට්නි සහ රොනාල්ඩෝ ගෝල 9 බැගින් ලබා එහි සම වාර්තාවට හිමිකම් කීහ.

ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ 83 වැනි විනාඩිය දක්වාම දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි වූ අතර ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක් කණ්ඩායම් දෙකෙන්ම ගිළිහී ගියේය. එහෙත් 84 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් රෆායල් ගුරේරෝ ගෝල 1-0 ක් ලෙස පෘතුගාලය තරගයේ පෙරමු‍ණට ගෙන ආවේය.

තරගය නිමාවීමට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී (87 වැනි විනාඩියේදී) පෘතුගාල කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් රොනාල්ඩෝ, ඉන් නොනැවතී තරගයේ අතිරේක කාලයේදී තවත් ගෝලයක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සම්පූර්ණ කළේය. හංගේරියානු පිලේ පසුපෙළ ක්‍රීඩක විලී ඕබන්ගේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාලයට එම දඬුවම් ලබාදීමට විනිසුරුවරයා පියවර ගත්තේය.  

මේ අතර ඊයේ ‘එෆ්’ කාණ්ඩය යටතේ පැවැති තවත් තරගයකදී ගෝල 1-0 ක් ලෙස ජර්මනිය පරාජය කිරීමට ප්‍රංශය සමත් විය. තරගයේ 20 වැනි විනාඩියේදී මැට්ස් හැමල්ස් ලබාගත් ගෝලයත් සමග පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ප්‍රංශය සමත් වූ අතර දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝල ලබාගැනීමට අසමත් විය.

මේ වන විට එක් තරගය බැගින් ජයගෙන ලකුණු 3 බැගින් ලබා සිටින පෘතුගාලය සහ ‍‍‍ප්‍රංශය පිළිවෙලින් ‘එ‍ෆ්’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන වල රැදී සිටිති. එහිදී දෙපිලම සම ලකුණු ලබා සිටියද ලබාගත් ගෝල සංඛ්‍යාව සහ ලබාදුන් ගෝල සංඛ්‍යාව අනුව ඔවුන් රැදී සිටින ස්ථාන තීරණය වී තිබේ.

‘එෆ්’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මූලික වටයේ සෙසු තරගවලදී ජර්මනියට එරෙහිව පෘතුගාලයද, හංගේරියාවට එරෙහිව ප්‍රංශයද මේ මස 19 වැනිදා තරග වදින අතර පෘතුගාලය සහ ප්‍රංශය හමුවන තීර්ණාත්මක තරගය මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.  


-036


අදහස් (0)

රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.