Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පතව්දි කුසලාන තරගාවලියේදී තුන්වැනි ශතකයත් ලබාගත් එංගලන්ත නායක ජෝ රූට් (නොදැවී 100) ලීඩ්ස්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වීමටත් පෙරම සිය මුල් ඉනිමේ වාසිය ලකුණු 250 ඉක්මවා ගෙන ගියේය. තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) තේ පානයෙන් පසුව සිය ශතකය සම්පූර්ණ කළ එංගලන්ත නායකයා එංගලන්ත මුල් ඉනිමේ වාසිය ලකුණු 257 ක් කරගත්තේය.
එතැන් සිට දෙවැනි දිනයේ තවත් පැයකට වැඩි තරග කාලයක් ඉතිරිව තිබිණ. ජෝ රූට් සමග තවත් යෝක්ෂයර් පිතිකරුවකු වන ජොනී බෙයාර්ස්ටෝ (නොදැවී 15) පිටියේ සිටියේය.
දිවා ආහාරය වන විට කඩුලු 2 කට ලකුණු 182 ක් ලබා සිටි එංගලන්තය තේ පානය වන විටත් ලකුණු 220 ක් ඉදිරියෙන් සිටියේය. ඉන්දීය මුල් ඉනිම ලකුණු ලකුණු 78 කට සීමා වූ හෙයින් මෙම තරගයේදී ඉන්දියානුවන් වැටී සිටින්නේ සුළුපටු අමාරුවක නොවේ. තවමත් තරගයේ දෙවැනි දිනය වන බැවින් එංගලන්තයේ අරමුණ වන්නේ තණතීරුවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගනිමින් නැවත පන්දුවට පහරදීමට අවශ්‍ය නොවීමේ ලකුණු සංඛ්‍යාවක් කරා යාමයි.
මෙම වසර තුළදී එංගලන්ත නායකයා ලබාගත් 6 වැනි ටෙස්ට් ශතකය මෙයයි. එංගලන්තය වෙනුවෙන් ලිත් වර්ෂයක් තුළ ශතක 6 ක් ලබාගත් පිතිකරුවන් ඇත්තේ තිදෙනකු පමණි. ඩෙනිස් කොම්ප්ටන් (1947 දී) සහ මයිකල් වෝන් (2002 දී) ලිත් වර්ෂයක් ඇතුළත ටෙස්ට් ශතක 6 ක් ලබාගත් සෙසු එංගලන්ත පිතිකරුවෝ වූහ.
රෝරි බර්න්ස් සහ හසීබ් හමීඩ් දෙදෙනා, ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 135 ක් රැස්කර තිබූ අවස්ථාවේදී රෝරි බර්න්ස්ගේ පා ආවරණයත් පිත්තත් අතර තිබූ පරතරයෙන් රිංගා ගිය මොහොමඩ් ශාමිගේ පන්දුව කඩුල්ලට කඩාවැදුණේය. ඒ සමගම ඉන්දියාව බලාපොරොත්තු සහගතව සිටි පළමු කඩුල්ල ලැබිණ. වසර 5 කට පසුව එංගලන්තය වෙනුවෙන් පැවැති හොඳම පළමු කඩුල්ලේ සම්බන්ධතාව එය විය. 2016 දී ඉන්දියාවට එරෙහිව ඇලිස්ටෙයාර් කුක් සහ හසීබ් හමීඩ් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 180 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.
තරගයේ දෙවැනි දිනයේදීම ලීඩ්ස් තණතීරුවෙන් දඟ කැවීම උකහාගැනීමට රවීන්ද්‍ර ජදේජා සමත්වී සිටියේය. වසර 5 කට පසුව එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන හසීබ් හමීඩ් දැවීගියේ තියුණු ලෙසින් දඟකැවුණු ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. එය ජදේජා මෙම තරගාවලියේදී ලබාගත් පළමු වැනි කඩුල්ලයි.
වසර 3 කට පසුව ටෙස්ට් කණ්ඩායමට එක්වූ ඩේවිඩ් මැලන් ඉතා පහසුවෙන් ලකුණු කරා ගිය අතර ඔහුට පන්දු යවන්නන්ගෙන් තර්ජනයක් නොවිණ.
හිටපු නායක ටෙඩ් ඩෙක්ස්ටර්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයෝ කළු අත්පටි බැඳ ක්‍රීඩා කරති.
ඉන්දියාව - පළමු ඉනිම 78 යි
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 335 යි
(රෝරි බර්න්ස් 61, හසීබ් හමීඩ් 68, ඩේවිඩ් මැලන් 70, ජෝ රූට් නොදැවී 101, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 15, මොහොමඩ් ශාමි 73/1, මොහොමඩ් සිරාජ් 81/1, රවීන්ද්‍ර ජදේජා 57/1)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.