රුහුණු රුවල් යාත්‍රා සාමාජයේ සංවිධානයෙන් මිරිස්ස මුහුදු තීරයේදී පැවැති ‘ආචාර්ය නිහාල් ඡිනසේන’ අනුස්මරණ රුවල් යාත්‍රා තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය සමත් විය.
එහිදී ඉසව් 6 ක් යටතේ තරග පැවැති අතර පළමු ස්ථාන 2 ක්, දෙවැනි ස්ථානයක් සහ තෙවැනි ස්ථානයක් හැරුණුකොට එම ඉසව් හයේ සෙසු ජයග්‍රාහී ස්ථාන සියල්ලම දිනාගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙවර තරගාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය සහ කොළඹ රාජකීය විද්‍යාලය සමගින් රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයන් 67 දෙනෙක් සහභාගි වූහ.
තරග ප්‍රතිඵල
ජී.පී. 14
පළමු ස්ථානය - ඩබ්.ඒ.ආර්. නිශාන්ත සහ එන්.ජී.එම්. ගුණවර්ධන (නාවික හමුදාව)
දෙවැනි ස්ථානය - කේ.වී.එන්. දීමාල් සහ ජේ.එච්.එම්. ජයපද්ම (නාවික හමුදාව)
තෙවැනි ස්ථානය - ආර්.එම්.එස්. රත්නායක සහ ඩී.එම්.ආර්. දිසානායක (නාවික හමුදාව)
එන්ට්‍රපයිස්
පළමු ස්ථානය - ජේ.එච්.ටී. අප්පුහාමි සහ ටී.ඩී.එස්. පෙරේරා (නාවික හමුදාව)
දෙවැනි ස්ථානය - ඩබ්.පී.යූ. කුමාර සහ ඒ.එම්.ජේ.අත්තනායක (නාවික හමුදාව)
තෙවැනි ස්ථානය - කේ.ඩබ්.ජි. ධනුෂ්ක සහ කේ.එස්.කේ. ද සිල්වා (නාවික හමුදාව)
ලේසර්
පළමු ස්ථානය - කේ.ජී.සී. බණ්ඩාර (නාවික හමුදාව)
දෙවැනි ස්ථානය - යූ.ඩී. රාජපක්ෂ (නාවික හමුදාව)
තෙවැනි ස්ථානය - ඩබ්.ඒ.ඩී. කුමාර (නාවික හමුදාව)
ලේසර් රේඩියල්
පළමු ස්ථානය - පී.ඩී.ඩී. රාජපක්ෂ (නාවික හමුදාව)
දෙවැනි ස්ථානය - ජේ.එම්.පී. ජයසුරිය (නාවික හමුදාව)
තෙවනි ස්ථානය - පී.එන්.පී. දිසානයක (නාවික හමුදාව)
වින්ඞ් සර්ෆින්
දෙවැනි ස්ථානය - කේ.පී.පී. ගුණවර්ධන (නාවික හමුදාව)
මිනි බී
තෙවනි ස්ථානය - ඩබ්.එම්.සී. මාරඹේ, ඒ.එස්.කේ. සොයිසා, එම්.එච්.එස්. ලක්මාල් සහ එල්.ඒ.සී. ගුණතිලක (නාවික හමුදාව)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.