Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේ මොක්පෝ නුවරදී පැවැති ආසියානු විසි කිරීමේ ඉසව් ශූරතා තරගාවලියේදී (2025) ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීටර 82.05 කට එහි රන් පදක්කම දිනා ගැනීමට ඊයේ (22) සමත් විය.එහිදීම ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානී ලේකම්ගේ සිය ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගත්තේ මීටර 57.53 ක දක්ෂතාවක් පළ කරමිනි.
ඉන්දියාවේ බුහුබනේෂ්වර් නුවරදී පසුගිය අගෝස්තු 10 වැනිදා පැවැති ඉන්දීය ලෝකඩ ශ්‍රේණිගත ලෝක තරගාවලියේදී මීටර 86.50 ක වාර්තාගත දක්ෂතාවක් දක්වමින් එහිදී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවටද හිමි කම් ලබා ගත් 22 හැවිරිදි රුමේෂ් තරංග ඉන් නොනැවතී එම සුපිරි දක්ෂතාව මත ලබන සැප්තැම්බර් 13 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියටද නිර්දේශද ලබා ගැනීමට සමත් විය.
හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු එම දක්ෂතාව මත හත් වැනි ස්ථානයට ඒ වන විට පත්ව තිබුණි.ඊයේ මොක්පෝ නුවරදී රුමේෂ් තරංග පළ කළ දක්ෂතාවත් සමග ඔහු මෙම වසරේදී ඉසව්වේ මීටර 85 ක් අභිබවා යමින් දක්ෂතා දැක්වූ තෙවැනි අවස්ථාව බවට එය පත්ව තිබේ.
මොක්පෝ නුවරදීම පැවැති පසු ගිය තරගාවලියේදීත් ඔහු ඉසව්වේ රන් පදක්කම (මීටර 85.45) දිනා තිබේ.ඊයේ මොක්පෝ නුවරදී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම මීටර 78.60 කට ජපාන ක්‍රීඩක ජෙන් නගනූමා
විසින්ද, ලෝකඩ පදක්කම මීටර 77.43 කට පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් යසීර් විසින්ද හිමි ගත්හ.
මේ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානී ලේකම්ගේ මීටර 57.53 කට ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත්තාය.හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම මීටර 57.47 කට දිනා ගත්තේ චීන ක්‍රීඩිකා කියාඕහූයි ගයි විසිනි.ජපන් ක්‍රීඩිකා සයූකා කුරාටා මීටර 56.26 කට ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය.38 හැවිරිදි දිල්හානී ලේකම්ගේගේ ඉසව්වේ මෙතෙක් හොදම දක්ෂතාව ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බවටද පත්ව තිබෙන මීටර 61.57 (2023 - හන්ජෝ ආසියානු ක්‍රීඩා) කි.ගිය වර තරගාවලියේ (2024) ඇගේ දක්ෂතාව මීටර 57.94 කට ලෝකඩ පදක්කම ලැබීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.