Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ජායාරූප හා සටහන - නොර්වුඩ්හි රංජිත් රාජපක්ෂ)
මේ වසරේ ජුනි මස 28 වැනිදා සිට අගෝස්තු මස 08 දින දක්වා බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේ එංගලන්ත මහ රැජිණගේ පණිවිඩය බහාලු යෂ්ඨිය අද (05 වැනිදා) බගවන්තලාවේ කර්කස්වොල් තේ වතු යාය වෙත රැගෙන එනු ලැබිණ.
දිවයිනේ ස්ථාන කිහිපයකටම රැගෙන යන ‘රැජිනගේ යෂ්ඨිය‘ කර්කස්වොල් තේ වතු යායේ තේ කර්මාන්ත ශාලාව වෙත ගෙනා අවස්ථාවේ එම වතු යායේ පාලන අධිකාරිය විසින් පිළිගන්නා ලදි. පසුව එම යෂ්ඨිය වතු කම්කරුවන්ගේ අතින් අත යැවිමටද සංවිධායක මණ්ඩලය විසින් අවස්තාව සලසා දි තිබුණි.
යෂ්ඨිය කර්කස්වොල් වතු යායට ගෙනා අවස්තාවේ පාසල් ළමුන්ගේ තුර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම් විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබිණ.
ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරින් විසින් යෂ්ඨිය උදැසන 7.30 ට පමණ බගවන්තලාව කර්කස්වොල් වතු යාය වෙත ගෙන එන ලදි. පැය දෙකකට ආසන්න කාලයක් යෂ්ඨිය තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට සකස් කරන ලද විශේෂ පිඨිකාවක තබනු ලැබිණ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර, මෙම රැජිණගේ යෂ්ඨිය රටවල් 72 කට ගෙනයාමට නියමිතය. යෂ්ඨිය බගවන්තලාවේ සිට කොළඹට ගෙන ගොස් ඉන් අනතුරුව බංගලාදේශය දක්වා ගෙන යාමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.