Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාහුල්ගේ පිතිහරඹය පන්ජාබ් පිලට ජය ගෙනේ

රාහුල්ගේ පිතිහරඹය පන්ජාබ් පිලට ජය ගෙනේ

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝකේෂ් රාහුල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායිහිදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. මෙම තරගය ජයගත්තද මින් පෙර තරග 8 ක් පරාජය වී ඇති බැවින් ඔවුන්ට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් ක්‍රීඩකයෝ ඕවර 13 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක ලෝකේෂ් රාහුල් පන්දු 42 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් පන්ජාබ් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. මායන් අගර්වාල් (12) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල්, ඉන් නොනැවතී ඒඩ්න් මාක්‍රම් (13) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී තවත් ලකුණු 46 සම්බන්ධතාවක්ද ගොඩනගමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. එහිදී පන්දු 55 කට මුහුණදුන් ඩුප්ලෙසී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 76 ක් රැස්කළ අතර මොහොමඩ් ශාමි යැවූ අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී රවින්ද්‍ර ජදේජා (නොදැවී 15) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩුප්ලෙසී සමත් විය. පන්දු 17 කදී වාර්තා වූ ජදේජාගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 15 කදී ලකුණු 12 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 134

(රුතුරාජ් ගයික්වාද් 12, ෆෆ් ඩුප්ලෙසි 76, මහේන් සිං දෝනි 12,  රවින්ද්‍ර ජදේජා නොදැවී 15, ක්‍රිස් ජෝඩාන් 20/2, අර්ෂ්දීප් සිං 35/2)  

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 13 කදී කඩුලු 4 කට 139  

(ලෝකේෂ් රාහුල් නොදැවී 98, මායන්ක් අගර්වාල් 12, ඒඩ්න් මාක්‍රම් 13, ශර්ධුල් ඨාකූර් 23/3)

 

-036


අදහස් (0)

රාහුල්ගේ පිතිහරඹය පන්ජාබ් පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.