Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජස්ථාන් පිල ලකුණු 12 කින් ජය ලබයි
අයි.පී.එල්. - 2024

රාජස්ථාන් පිල ලකුණු 12 කින් ජය ලබයි

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස්  කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 23 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ රියාන් පරාග් පන්දු 45 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 84 ක් රැස්කළේය.

රවිචන්ද්‍රන් අෂ්වින් (29) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පරාග්, ඉන් නොනැවතී ධෲව් ජුයෙල් (20) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 185
(සංජු සැම්සන් 15, රියාන් පරාග් නොදැවී 84, රවිචන්ද්‍රන් අෂ්වින් 29, ධෲව් ජුයෙල් 20, ශිම්රන් හැට්මෙයර් නොදැවී 14)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 173
(ඩේවිඩ් වෝනර් 49, මිචෙල් මාෂ් 23, රිෂාබ් පාන්ට් 28, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී 44, අක්සර් පටේල් නොදැවී 15, යුස්වේන්ද්‍ර චාහල් 19/2, නැන්ඩ්‍රි බර්ගර් 29/2)

- 036


අදහස් (0)

රාජස්ථාන් පිල ලකුණු 12 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.