Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන්සිළු රට රනින් සරසයි

රන්සිළු රට රනින් සරසයි

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ රාජෙස්තාන්’හි පැවැති ආසියානු සවි එසවීමේ (පවර්ලිෆ්ටින්) තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක රන්සිඵ ජයතිලක, කිලෝග්‍රෑම් 120 බර පංතියෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය.


පොදුරාජ්‍යය මණ්ඩලයීය සවි එසවීමේ රන් පදක්කම් ලාභියකු ද වන රන්සිඵ, ආසියානු තරගාවලිකදී රන් පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේද රන්සිළුය.


 ස්කොට් ක්‍රමයට කිලෝග්‍රෑම් 270, බෙන්ච් ප්‍රෙස් ක්‍රමයට කිලෝග්‍රෑම් 150 ක් සහ ඩෙඞ් ලිෆ්ට් ක්‍රමයට කිලෝග්‍රෑම් 305 ක් ලෙස කිලෝග්‍රෑම් 725 ක බර ඔසවමින් රන්සිඵ රන් පදක්කම සහ ලෝකඩ පදක්කම් දෙක දිනා ගත්තේය.


ඉරානයේ හිටපු ලෝක ශූරයකු පරදවමින් ඩෙඞ් ලිෆ්ට් ක්‍රමයට කිලෝග්‍රෑම් 305 ක බර ඔසවා රන්සිඵ රන් පදක්කම දිනාගැනීම කැපී පෙනේ. රන්සි`ඵට ස්කොට් ක්‍රමයෙන් සහ මු`ඵ බර ප්‍රමාණයෙන් ලෝකඩ පදක්කම් දෙක ලැබිණ.


ඔහු දිනාගත් පදක්කම් තුනේ දස්කම් ශ්‍රී ලංකා වාර්තා ද අභිබවා යාමකි. රන්සිඵ ලබන නොවැම්බර් මස ඇමරිකාවේ පැවැත්වෙන සවි එසවීමේ ලෝක ශූරතාවලියට ද සහභාගිවීමට නියමිතය.


තරගාවලියේ වයස 40 න් ඉහළ ප්‍රවීණයන්ගේ කිලෝග්‍රෑම් 74 බර පංතියේ රන් පදක්කම එස්. ඒ. රාමවික්‍රම විසින් දිනාගන්නා ලදී. කිලෝග්‍රෑම් 495 ක බරක් ඔසවමින් රාමවික්‍රම රන් පදක්කම දිනාගත් අතර ඉන්දිය ක්‍රීඩකයකු රිදී පදක්කමට හිමිකම් කීය.


චන්දන තිලකරත්න, ද ප්‍රවීණයන්ගේ තරගාවලදී රන් පදක්කමක් සමඟ තවත් රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය. කාන්තා බර පංතිවලදී හංසනී ගෝමස් කිලෝග්‍රෑම් 53 බර පංතියෙන් රිදී පදක්කමක් දිනා ගත්තාය.


ඉරානය, චීනය, ඉන්දියාව, කසක්ස්තානය, උස්බකිස්ථානය, පිලිපීනය, ඕමානය අදී රටවල් 16 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණ. ආසියානු සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගිවුයේ වසර 13 කට පසුවය.


 

 


අදහස් (1)

රන්සිළු රට රනින් සරසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.