Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය (2021 - 2023) වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමට නිශාන්ත රණතුංග පාර්ශ්වය තීරණය කර තිබේ. ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පැහැදිළි වන්නේ එහි හිටපු නිලධාරීන්ට සහයෝගය දැක්වීම බවත් එවැනි තත්ත්වයක් තිබියදී ඡන්දයකට යාම තේරුමක් නැති ක්‍රියාවක් වන හෙයින් සියලු දෙනාම එක්ව නිලවරණය සඳහා ඉදිරිපත් වීමෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් කේ. මතිවානන් මහතා කෙළිමඬලට පැවසීය.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී රණතුංග පාර්ශ්වයෙන් සභාපති තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතාය. එහෙත් මෙම කණ්ඩායම මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාව කළේ නිශාන්ත රණතුංග මහතා වන හෙයින්ම එම පාර්ශ්වය රණතුංග පාර්ශ්වය ලෙසින් හැඳින්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ප්‍රධාන ලේකම් තනතුර සඳහාත්, ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා උප සභාපති තනතුරකටත් නාමයෝජනා බාර දී තිබිණ.
රණතුංග පාර්ශ්වයෙන් ඉදිරිපත් වූයේ තනතුරු 3 ක් සඳහා පමණි. “ලොක්කෝ තුන්දෙනා” යයි නම්කරනු ලැබ සිටි මේ තිදෙනාගේ ප්‍රධානතම එදිරිවාදී පාර්ශ්වය වී තිබුණේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයයි. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති හෙයින් ශම්මි සිල්වා මහතා එහි හිටපු සභාපතිවරයා වෙයි.
ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම පසුගිය පෙබරවාරි (24 වැනිදා) පස්වරු 3.30 ට අවසන් විය. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්‍ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම යෝජනා බාර දී තිබූ නමුත් ඉන් එකක් ‘ඡායා’ පාර්ශ්වයක් විය.
ශම්මි සිල්වා මහතා සභාපති තනතුරට නාමයෝජනා බාරදෙද්දී එම පාර්ශ්වයෙන්ම ලේකම් තනතුර අපේක්‍ෂා කළ මොහාන් ද සිල්වා මහතාත් උප සභාපති තනතුර ඉල්ලූ ජයන්ත ධර්මදාස මහතාත් ඡායා පාර්ශ්වයෙන් සභාපති තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළහ.
ඡායා පාර්ශ්වයේ ලේකම් තනතුර අපේක්‍ෂා කළේ ප්‍රධාන පාර්ශ්වයේ තනතුරු අපේක්‍ෂා නොකළ නමුත් ඊට සහයෝගය දැක්වූ බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරුන්ය. සුජීව ගොඩලියැද්ද මහතා ශම්මි සිල්වා පාර්ශ්වයෙන් මෙන්ම ඡායා පාර්ශ්වයෙන්ද භාණ්ඩාගාරික තනතුරු අපේක්‍ෂා කර තිබිණ.
බත්තරමුල්ලේ සීලරතන හිමියෝද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුරක් වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කළහ. උන්වහන්සේ නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාතේ, වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරන බව පවසමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් ඉදිරිපත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි. උන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණ තුනකදීම ජනාධිපති තනතුර අපේක්‍ෂා කරමින්ද තරග වැදුණහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා
ශම්මි සිල්වා පාර්ශ්වය
සභාපති තනතුර - ශම්මි සිල්වා මහතා
උප සභාපති නතතුරු 2 යි - රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
ප්‍රධාන ලේකම් - මොහාන් ද සිල්වා මහතා
උප ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත මහතා
භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ මහතා
උප භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා
ඡායා පාර්ශ්වය
සභාපති - මොහාන් ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
උප සභාපතිවරු - නලීන් අපෝන්සු සහ සමන්ත දොඩන්වල යන මහත්වරු
ප්‍රධාන ලේකම් - බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරු
උප ලේකම් - ශම්මි ප්‍රසන්න ගුණසේකර මහතා
භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා
උප භාණ්ඩාගාරික - ඒ. කුමාර මහතා
නාමයෝජනා ඉල්ලා අස්කරගන්නා ලද රණතුංග පාර්ශ්වය
සභාපති - කේ. මතිවානන් මහතා
උප සභාපති - බන්දුල වර්ණපුර මහතා
ප්‍රධාන ලේකම් - නිශාන්ත රණතුංග මහතා
ස්වාධීන
උප සභාපති - බත්තරමුල්ලේ සීලරතන හිමි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.