Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතිරිව තිබූ බලාපොරොත්තු දෙකින් එකක් වන මීටර 100 පිරිමි ඉසව්වේදී යුපුන් අබේකෝන් පළමු වටයෙන්ම ඉවතට ගියේය. තුන්වැනි මූලික වටයේදී තරග කළ යුපුන් එහි 6 වැනි ස්ථානය ගත් අතර ඔහුගේ තරග කාලය ලෙසින් සටහන් වූයේ තත්ත්පර 10.32 කි.
මූලික වටයේදී ක්‍රීඩකයන්ගේ තරග කාලය අනුව යුපුන් අබේකෝන්ට හිමිවී තිබුණේ 42 වැනි ස්ථානයයි.
මීටර 100 ඉසව්ව සඳහා එකකට ක්‍රීඩකයන් 8 ක් හෝ 9 ක් ඇතුළත් මූලික තරග 7 ක් පැවැත්විණ. අවසන් පූර්ව වටය සඳහා තෝරාගනු ලබන්නේ ක්‍රීඩකයන් 24 දෙනෙකි. අවසන් පූර්ව වටය සඳහා එක් එක් මූලික තරගයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් තිදෙනා (7x3) සහ සෙසු ක්‍රීඩකයන් අතුරින් වේගවත්ම ක්‍රීඩකයන් තිදෙනා පමණක් තෝරා ගැනේ.
අවසන් මූලික තරගය සඳහා ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයකු වන ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්ද ඇතුළත්ව සිටි අතර එහිදී ඔහුගේ තරග කාලය වූයේ තත්ත්පර 10.06 කි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.