Last Update  :  2025-05-05 15:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුදහමුදා පිල අවසන් තරගයට

යුදහමුදා පිල අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනිත් සිල්වාගේ (15/3) දක්ෂ පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට යුදහමුදා පිල සමත්විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල යොවුන් පිල කඩුලු 9 කින් පරාජය කිරීමට යුදහමුදා පිලට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල යොවුන් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි.

ලකුණු 51 ක් තුල කඩුලු 6 ක් බිඳ වැටීමෙන් ආඝාදයට වැටුණු කුරුණෑගල යොවුන් පිල තරමක් දුරට ගොඩගැනීමට රංදීර රණසිංහ සහ ළහිරු ජයරත්න සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 54 කදි ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ඕවර 3 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ජනිත් සිල්වා සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය යුදහමුදා පිල ඕවර 11.4 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

අෂාන් රන්දික පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කළ අතර සීකුගේ ප්‍රසන්න පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් යුදහමුදා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


කුරුණෑගල යොවුන්  - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 114
(සමීර සඳමාල් 29, රංදීර රණසිංහ නොදැවී 28, ළහිරු ජයරත්න නොදැවී 34, ජනිත් සිල්වා 15/3)

යුදහමුදාව  - ඕවර 11.4 කදී කඩුල්ලක් දැවී 120
(අෂාන් රන්දික නොදැවී 54, සීකුගේ ප්‍රසන්න නොදැවී 50)

 


අදහස් (0)

යුදහමුදා පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.