Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ටොම් කැඩ්මෝර්ගේ (92) වේගවත් පිතිහරඹයත්, ජේඩ්න් සීල්ස් (13/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් සමගින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගය ලකුණු 102 කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් පිල සමත්විය.
කලම්බු ස්ටාර්ස් පිල අද තරගය පරාජයට පත්වීමත් සමගින් කැන්ඩි වොරියර්ස් පිලට අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු වැඩි විය. කලම්බු ස්ටාර්ස් පිලට අවසන් වටයට පිවිසීමට නම් අද තරගය කැන්ඩි වොරියර්ස් පිල පරාජයට පත්වීම හෝ හෙට පැවැත්වෙන තරගය කලම්බු ස්ටාර්ස් පිල ජයගත යුතුව ඇත.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් පිලට ඕවර 15.5 කදී සියලූදෙනා දැවී රැුස්කිරිමට හැකිවූයේ ලකුණු 91 ක් පමණි.
ටොම් බැන්ටන් මන්දගාමී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 33 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට සාර්ථකවිමට ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
ආරම්භක පිතිකරුවන් වූ ධනංජය ද සිල්වා ලකුණු 11 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 ක් ලබාගත් අතර රවී රාම්පෝල් පන්දු 2 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 10 ක් ලබාගැනීමට සමත්විය. තරගාවලිය පුරාම සාර්ථකත්වයක් පෙන්වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 6 කට දැවී ගිය අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරිමට අවස්ථාවක් හිමිනොවූහ.
පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ජේඞ්න් සීල්ස් ඕවර 2.5 කදී එක් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 13 කට කඩුලූ 4 ක් ද, විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 32 කට කඩුලූ 3 ක් සහ මහීෂ් තීක්‍ෂණ ලකුණු 25 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 193 ක් රැස්කිරීමට සමත්විය.
ආරම්භක පිතිකරු ටොම් කැඞ්මෝර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 55 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 92 ක් රැස්කරමින් ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 200 සීමාව ආසන්නයට රැුගෙන යාමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් උපුල් තරග පන්දු 33 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් ලබාගත්තේය.
ටොම් කැඩ්මෝර් සහ උපුල් තරංග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 70 කදී ලකුණු 110 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
වනිඳු හසරංග පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් ලබාගැනීමට සමත්විය.
නවීන් උල් හක් සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුලූ 3 ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.
තරගයේ වීරයාට හිමි සම්මානය ටොම් කැඞ්මෝර් දිනාගනු ලැබීය.
ජැෆ්නා කිංග්ස් - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 193
(ටොම් කැඞ්මෝර් 92, උපුල් තරංග 37, නවීන් උල් හක් 27/3, දුෂ්මන්ත චමීර 39/1, ජෙෆ්ර් වැන්ඩසේ 33/1)
කලම්බු ස්ටාර්ස් - ඕවර 15.5 කදී සියලූදෙනා දැවී 91
(ටොම් බැන්ටන් 30, ජේඞ්න් සීල්ස් 13/4, විජයකාන්ත් වියස්කාන්ත 32/3, මහීෂ් තීක්‍ෂණ 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.