Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී පිතිකරුවකු ලෙස දැක්වූ කැපී පෙනෙුණ දක්ෂතා හේතුවෙන් ඔහු මාසයේ ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබ තිබේ.
බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී ලකුණු 344 ක් රැස්කිරීමට මැතිව්ස් සමත් වූයේ ඉනිමකදී 172 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. චැටෝග්‍රෑම්හිදි පැවැති පැවැති තරගයේදී ද්විත්ව ශතකය පෙනි පෙනී (ලකුණු 199 කට) දැවී ගිය මැතිව්ස්, මිර්පුර්හිදී පැවැති ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 145 ක් රැස්කළේය.
මැතිව්ස් නොදැවී ලබාගත් ශතකය හේතුවෙන් මීර්පුර් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් හිමිවිය. 2021 වසරේ ජනවාරි මාසයේ සිය මාසයේ ක්‍රීඩකයා තේරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගැනීමෙන් පසුව මැතිව්ස් ඒ සඳහා නම් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය විය.
මැතිව්ස්ට අමතරව බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකුර් රහීම් සහ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද මැයි මස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නිර්දේශ වී සිටියහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.