
(ශානුක අරවින්ද)
අවසන් වරට පැවැති (2020) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ සහ මහනුවර කණ්ඩායම්වල නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස්ට සහ කුසල් පෙරේරාට මෙවර (2021) ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී ඇත. ඊට හේතුවී ඇත්තේ තරගාවලියට අදාල ක්‍රීඩක වෙනදේසියේදී ඔවුන් දෙදෙනා මිලදී ගැනීමට කිසිඳු කණ්ඩායමක හිමිකරුවන් ඉදිරිපත් නොවීමයි.
ඔවුන් දෙදෙනා හැරුණු කොට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, වත්මන් උප නායක ධනංජය ද සිල්වා, අකිල ධනංජය, මිනෝද් භානුක, ප්‍රවීන් ජයවික්‍රම, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත වැනි ජාතික විස්සයි-20 කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක්ද ක්‍රීඩක වෙන්දේසියේදී අළෙවී වී නොමැත.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීකට් තරගාවලියේ දෙවැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (9 වැනිදා) රාත්‍රියේදී සූම් තාක්ෂණය ඔස්සේ පැවැති අතර ඒ සඳහා කණ්ඩායම්වල හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු සහ දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු සමග ක්‍රීඩකයන් 20 දෙනකු තෝරා ගනු ලැබිණි.
සෑම කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයකු සහ දේශීය ක්‍රීඩකයකු ඔවුන්ගේ සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස තෝරාගැනීමට අවස්ථාවක් හිමිවිය. ඒ අනුව යාපනය කණ්ඩායම ෆෆ් ඩුප්ලෙසීද, මහනුවර කණ්ඩායම රෝමන් පවෙල්ද, ගාල්ල කණ්ඩායම මොහොමඩ් හෆීස්ද, කොළඹ කණ්ඩායම ක්‍රිස් ගේල්ද, දඹුල්ල කණ්ඩායම ඉම්රාන් තාහීර්ද සිය සුවිශේෂී විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරාගැණිනි.
තිසර පෙරේරා යාපනය කණ්ඩායමේද, චරිත් අසලංක මහනුවර කණ්ඩායමේද, ඉසුරු උදාන ගාල්ල කණ්ඩායමේද, දුෂ්මන්ත චමීර කොළඹ කණ්ඩයේමද, දසුන් ශානක දඹුල්ල කණ්ඩායමේද දේශීය ක්‍රීඩකයන් ලෙස තෝරාගනු ලැබිණ. තරග තහනමකට ලක්ව සිටින කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක ගාල්ල කණ්ඩායම විසින්ද, නිරෝෂන් දික්වැල්ල දඹුල්ල කණ්ඩායම විසින්ද මිලදීගනු ලැබිණ.
කළුතර ක්‍රීඩා සමාජයේ නායකයා මෙන්ම පුහුණුකරු ලෙසද කටයුතු කරන ගිහාන් රූපසිංහ, මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී සිය කණ්ඩායමට මිලදී ගැනීමට කොළඹ කණ්ඩායමේ හිමිකරුවෝ පියවරගත්හ. මේ දිනවලදී පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රීකට් තරගාවලියේදී අගමැති පුත් රෝහිත රාජපක්ෂ පළමු පෙළ වරම් හිමිකරගනු ලැබුවේද කළුතර ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.
යාපනය කිංග්ස්
ෆෆ් ඩු ප්ලෙසිස්, තිසර පෙරේරා, වහාබ් රියාස්, වනිඳු හසරංග, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, රාහ්මනුල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, ජෙඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, විජයකාන්ත් වියස්කාන්ත්, දේවේන්ද්‍රන් දිනූෂන්, අෂාන් රන්දික, රත්නරාජ් තේනුරාතන් සහ ක්‍රිෂාන් සංජුල
මහනුවර වොරියර්ස්
රෝමන් පවෙල්, චරිත් අසලංක, කැමරන් ඩෙල්පොට්, ළහිරු කුමාර, මොහොමඩ් මිතුන්, නස්මුල් ඉස්ලාම්, මෙහෙදි හසන් රානා, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, අම්ජාඩ් ඛාන්, ඉෂාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිෂාර, අයන සිරිවර්ධන, නිමේෂ් විමුක්ති, උදාර ජයසුන්දර, ශෂික දුල්ෂාන් සහ කල්හාර සේනාරත්න
ගාල්ල ග්ලැඩියේටර්ස්
මොහොමඩ් හෆීස්, ඉසුරු උදාන, තබ්‍රේස් ශම්සි, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, සමිත් පටේල්, සර්ෆරාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, අන්වර් අලී, පුලිණ තරංග, නුවන් තුෂාර, ළහිරු මදුෂංක, දිල්ෂාන් මදුෂංක, අෂේන් ඩැනියෙල්, කෙවින් කොත්තිගොඩ, මොහොමඩ් ශමාස්, සුමින්ද ලක්ෂාන් සහ ඇන්ජෙලෝ ජයසිංහ
කොළඹ ස්ටාර්ස්
ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේෂාඩ්, ඩිල්ෂාන් මුණවීර, මොහොමඩ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න, මන්ප්‍රීට් සිං, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී.එම්. සම්පත්, නුවනිඳු ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, මළිඳු මදුරංග, නලීන් ප්‍රියදර්ශන, හෂාන් දුමිඳු සහ කනගරාතිනම් කබිල්රාජ්
දඹුල්ල ජයන්ට්ස්
ඉම්රාන් තාහීර්, දසුන් ශානක, රීලි රූසොව්, චාමික කරුණාරත්න, ෂොයෙබ් මක්සූද්, ඔඩීන් ස්මිත්, ජොෂ් ලිට්ල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, නජිබුල්ලා සද්රාන්, තරිඳු රත්නායක, ළහිරු උදාර, සාචා සෙනවිරත්න, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා, සචිත ජයතිලක, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ සහ චාමිකර එදිරිසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.