Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැක්ස්වෙල් - ඩිවිලියර්ස් බැංගලෝරය දිනවති

මැක්ස්වෙල් - ඩිවිලියර්ස් බැංගලෝරය දිනවති

editorial - 2021 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොල්කටා පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම ගැසූ ඒ.බී.ඩිවිලියර්ස් (නොදැවී 76) සහ ග්ලෙන් මැක්ස්වෙල් (78) දෙදෙනාගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් කොල්කටා පිලට එරෙහිව අද (18 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී ලකුණු 38 ක පහු ජයක් ලබාගැනීමට බැංගලෝර් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගය චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මැක්ස්වෙල් සහ ඩිවිලියර්ස් දෙදෙනාගේ පිතිහරඹය නිසා නියමිත ඕවර 20 අවසන් වන විට බැංගලෝර් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත්තේය. ලකුණු 205 ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා පිලට කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 166 ක් පමණි.

තරමක ප්‍රහාරයට ලක්වූ නමුත් කඩුලු 3 ක් දවාගත් කයිල් ජැමීසන් (41/3) කොල්කටා පිතිකරුවන්ට ස්ථාවර වීමේ අවස්ථාව අහිමි කළේය. ඒ අතරවාරයේදී දඟ පන්දු යවන්නන් වූ යුෂ්වේද්‍ර චාහල් (34/2) සහ වොෂිංටන් සුන්දර් (33/1) සෙසු පිතිකරුවන් සිරකර ගත්හ. පිතිකරුවන් ගහණ කණ්ඩායමක් වූ නමුත් කිසිවකුට අර්ධ ශතකයක් කරා යාමට බැංගලෝර් පන්දු යවන්නන්ගෙන් අවසර නොලැබිණ.

ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසි විරාට් කෝලි (5) අසාර්ථක වූයේය. එහෙත් හතරේ පහර 18 කින් සහ හයේ පහර 6 කින් කොල්කටාවන්ට රිදවූ මැක්ස්වෙල් සහ ඩිවිලියර්ස් දෙදෙනා අවසන් ඕවර 9 දී ලකුණු 109 ක් තම පිලට එකතු කළහ.

වේලාසනින්ම තරගයට අවතීර්ණ වූ ‘අද්භූත පන්දු යවන්නා’ වන වරූන් චක්‍රවර්ති සිය පළමු ඕවරයේදීම ලකුණු 3 ක් පමණක් දෙමින් විරාට් කෝලි සහ රාජාත් පතිදාර් දවාගත්තේය. එහෙත් එතැන් සිට වරූන්ට හිස එසවීමට නොදුන් මැක්ස්වෙල් සහ ඩිවිලියර්ස් ඔහුගේ ඉතිරි ඕවර 3 කදී ලකුණු 36 ක් උදුරා ගනිමින් අද තරගයේ අණ දෙන්නේ තමන් බව පෙන්වා දුන්හ.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 204
(දෙව්දූත් පඩික්කාල් 25, ඒ.බී.ඩිවිලියර්ස් (නොදැවී 76) සහ ග්ලෙන් මැක්ස්වෙල් (78), වරූන් චක්‍රවර්ති 39/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166
(නිතිෂ් රානා 18, ෂුබ්මන් ගිල් 21, රාහුල් ත්‍රිපති 25, ඔයින් මෝගන් 29, සකිබ් අල් හසන් 26, ඔන්ඩ්‍රි රසල් 31, කයිල් ජැමීසන් 41/3, යුෂ්වේද්‍ර චාහල් 34/2)

 

 

 

- 213


අදහස් (0)

මැක්ස්වෙල් - ඩිවිලියර්ස් බැංගලෝරය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.