Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් මහතාට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමගින් අද (1 වැනිදා) ඔහු දිවයිනට නොපැමිණියේය.
සංචාරය ආරම්භ කිරීමට පෙර සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් මගින් මැක්ඩොනල්ඩ් මහතාට කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරු විය. ඒ අනුව ඔහුට දින හතක කාලයක් මෙල්බර්න් හි හුදකලා වී සිටීමට සිදුවේ.
සහය පුහුණුකරු මයිකල් ඩි වෙනුටෝ මහතා මේ මස 7 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන විස්ස්සයි20 තරගාවලියේ පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. දෙවැනි විස්සයි20 තරගය පැවැත්වෙන 8 වැනිදා ප්‍රධාන පුහුණුකරු මැක්ඩොනල්ඩ් මහතා නිරෝධායනයෙන් පසුව කණ්ඩායම සමගින් නැවත එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරය සඳහා නව මුහුණුවරකින් යුත් පුහුණුකරු සැලැස්මක් සකසා ඇති මැක්ඩොනල්ඩ් මහතා, ඔහුගේ පූර්ණ කාලීන සහායකයින් ලෙස ඩැනියෙල් විටෝරි සහ ඇන්ඩෘ බොරොවෙක් යන මහත්වරුන් එක්කර ගෙන ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.