Last Update  :  2025-09-14 17:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේල - සංගා දෙන්නාටම එන්න කියනවා

මහේල - සංගා දෙන්නාටම එන්න කියනවා

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවරුම්වලින් ඉවත්ව ගිය නිලධාරීන්ගේ සේවය යළිත් ලබාගැනීමට කටයුතු කරන බවත් ජාතික ක්‍රීඩා සභාව නැවත බලගැන්වීමේ දී මහේල ජයවර්ධන මහතාටම සභාපති ධුරය පිරිනැමීමට තමා කැමැත්තෙන් පසුවන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු නව ඇමැතිවරයා ලෙස අද (18) වැඩ බාර ගත් තේනුක විදානගමගේ මහතා පැවසීය.

‘‘රටේ අර්බුදයක් පවතින වේලාවකයි මට ඇමැති ධුරය බාර ගන්න වෙලා තිබෙන්නේ. මේ හේතුවෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවරුම් හැර දාලා ගිය අය නැවැත ගෙන්වා ගන්න මම උනන්දු වෙනවා...

“එතනදී පළමු කටයුත්ත විය යුත්තේ ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කිරීමයි“ යයිද නව ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.

වැඩ බාර ගැනීමෙන් පසුව තමාගේ පළමු කටයුත්ත වන්නේ ජාතික ක්‍රීඩා සභාව බලගැන්වීම බවත් ඒ සඳහා හිටපු සභාපති මහේල ජයවර්ධන මහතාට මෙන්ම කුමාර් සංගක්කාර මහතාටද තමා ආරාධනා කර සිටින බවත් නව ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

තේනුක විදානගමගේ මහතා අද දහවල් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන පරිශ්‍රයේදී ඇමැති ධුරයේ වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

විදානගමගේ මහතා, හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ අමාත්‍යංශ විෂය පථයට අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස රාජකාරි කළේය.

1972 දී ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රීඩා අමාත්‍යාංශය ස්ථාපිත කිරීමෙන් පසුව කටයුතු කරන 16 වැනි ක්‍රීඩා ඇමැතිවරයා ලෙස විදානගමගේ මහතා අද පත්විය.


අදහස් (0)

මහේල - සංගා දෙන්නාටම එන්න කියනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.