Last Update  :  2025-07-22 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහීෂ් ඉහළට : වනිඳු පහළට

මහීෂ් ඉහළට : වනිඳු පහළට

editorial - 2022 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී විස්සයි20 පන්දු යවන්නන්ගේ අළුත්ම ශ්‍රේණිගත කිරීම්හී හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණීමට මහීෂ් තීක්‍ෂණ සමත් වෙයි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රේණිගත කිරීම්හී 24 වැනි ස්ථානයේ පසුවු තීක්‍ෂණ තරගාවලිය අවසානයේ ස්ථාන 16 ක්ම ඉදිරියට එමින් 8 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබාගෙන ඇත.

ශ්‍රේණිගත ලකුණු 647 ක් ලබාගෙන ඇති තීක්‍ෂණ හොඳම විස්සයි20 පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව මෙය විය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 3 කට ක්‍රීඩා කළ තීක්‍ෂණ කඩුලු 2 ක් ලබාගෙන ඇති අතර ඕවරයකදී ලකුණු ලබාදීමේ සාමාන්‍යය 6.58 ක් විය.

තරගාවලිය ආරම්භයේදී 6 වැනි ස්ථානයේ පසුවු වනිඳු හසරංග තරගාවලිය අවසන් වනවිට එක් ස්ථානයක් පහතට වැටී ඇත. ඒ අනුව ඔහුට පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය හිමිව ඇත. තරග 3 දී කඩුලු 5 ක් දවාගත් වනිඳු ඕවරයකදී ලකුණු ලබාදීමේ සාමාන්‍යය 9.30 ක් විය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය අවසන් වනවිට 3 වැනි ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමට සමත්විය. කඩුලු 6 ක් දවාගත් හේසල්වුඩ්ගේ ඕවරයකදී ලකුණු ලබාදීමේ සාමාන්‍යය 4.75 ක් විය.

ජොෂ් හේසල්වුඩ් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමත් සමගින් පෙරමුණේ පසුවූ දකුණු අප්‍රිකාවේ තබ්‍රේස් ශම්සි ස්ථාන 2 ක් පහත වැටුණි.

12 වැනි ස්ථානයේ පසුවු ඇෂ්ටන් ආගර් 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 ක් ඉදිරියට පැමිණියේය.

පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී හොඳම පිතිකරුවන් 10 දෙනා අතර තවදුරටත් රැඳී සිටීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ඒ අනුව ඔහු ශ්‍රේණිගත කිරීම්හී 9 වැනි ස්ථානයේ පසු වේ.

තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 10 වැනි ස්ථානයේ රැඳී සිටීමට වනිඳු හසරංග සමත්වී ඇත.

- 2079

 


අදහස් (0)

මහීෂ් ඉහළට : වනිඳු පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.