Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්සත් අරාබි එමීර් රාජයය බලා පිටත්ව යයි. ලබන මාසයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියත් ඉලක්ක කරමින් පිටත්ව යන මෙම සංචිතයට ක්‍රීඩකයෝ 17 දෙනෙකන් ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට යන්නේ පිට පිටම ලබාගත් තරගාවලි ජයග්‍රහණ දෙකකින් පසුවය. දඹුල්ලේදී පැවැති යොවුන් තරගාවලියකදී බංග්ලාදේශ යොවුන් පිල 5-0 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොළඹදී පැවැති තවත් තරගාවලියකදී එංගලන්ත යොවුන් පිල තරග 3-2 ක් ලෙසින් පරාජය කළහ.
“මේ කොල්ලො ටික රටින් එළියේ ක්‍රීඩා කරන්නේ පළමු වතාවට. ඒ හින්දා අපි ගිහින් පුළුවන් තරම් ඉක්මනින්, ඒ රටවල තියෙන තත්ත්වයන්ට හැඩගැහෙන්න ඕනෑ”
“ඒත් ඩුබායි වලදී නම් අපට ඒකට කාලයක් නෑ. මොකද අපි 21 දා රාත්‍රියේ ඩුබායි වලින් බැහැලා 24 වැනිදා පළමු තරගයට මුහුණ දෙනවා” යයි පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පැවසීය.
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළත් ‘බී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන්නේ ක්වේටය, නේපාලය සහ බංග්ලාදේශයයි. බංග්ලාදේශයත් 5-0 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්වේටය සහ නේපාලය තරමක් පහසු ප්‍රතිවාදීන් ලෙස සැලකිය හැකි නමුත්, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී එසේ කිරීම අනුවණ කමකි.
“අපි කොල්ලන්ට දීලා තියෙන පණිවිඩය මේකයි”
“ප්‍රතිවාදීන් කවුරු වුණත්, අපි අපේ තත්ත්වය තව තවත් ඉහළ දමාගන්න ඕනා. ඒ නිසා අපි ඒ වෙලාවේ තියෙන තරගය ගැන තමයි වැඩි අවධානය යොමු කරන්නේ”
“ක්වේට් හෝ නේපාල කණ්ඩායම් ගැන නම් අපි එච්චර දෙයක් දන්නේ නෑ. ඒත් පාකිස්තානු සහ ඉන්දීය සම්භවයකින් යුත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්වේට් පිලට ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ කවුරු වුණත් අපි ඒ කිසි කෙනෙක්ව සැහැල්ලුවෙන් ගන්නේ නෑ” යයි පුහුණුකරු ගුණවර්ධන මහතා පවසා තිබිණ.
යොවුන් ආසියානු කුසලාන තරගාවලිය මේ මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජනවාරි මස 14 වැනිදා සිට පෙබරවාරි මස 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වේ.
කිසියම් ආකාරයක තදබල අවශ්‍යතාවක් පැන නොනැඟුණහොත්, ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන 17 දෙනාම ලෝක කුසලාන තරගාවලිය සඳහාත් සහභාගි වනු ඇත. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අවසන් සංචිතය නම් කිරීම සඳහා මේ මස 30 වැනිදා දක්වා කල් ඇතැයි පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා කියයි.
“කවුරු හරි ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුණොත් මිස, ලෝක කුසලාන තරගාවලියට යන කණ්ඩායමේ ලොකු වෙනසක් වේවි කියලා මා නම් හිතන්නේ නෑ. කොහොමටත් අපි 20 දෙනකුට වීසා අරන් තියෙන්නේ. ඒ 20 දෙනා තමයි එංගලන්ත යොවුන් පිලට එරෙහිව ක්‍රීඩා කළේ”
“අපිට වෙනසක් කරන්න ඕනෑ නම්, ඒ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවෙන් පිටතට යවාගන්න එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ” යයි ද ගුණවර්ධන මහතා පවසා තිබිණ.
ලෝක කුසලාන තරගාවලියක් සඳහා නම්කරනු ලබන්නේ ක්‍රීඩකයන් 15 දෙනකු පමණි. එහෙත් පවතින වාතාවරණය අනුවත්, බටහිර ඉන්දීය දූපත් වල පවතින කොරෝනා මර්ධන නීති රීති සහ බටහිර ඉන්දීය දූපත් වෙත ළඟාවීමට ගතවන කාලයත් සැලකිල්ලට ගනිමින්, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායම සමගින් රැගෙන යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් අතිරේකව රැගෙන යන ක්‍රීඩකයන් වෙනුවෙන් වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවනු ඇත.
දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් පිලේ උපනායකයා ලෙසින් රවීන් ද සිල්වා පත්කර තිබේ. කළමණාකරු ලෙසින් මහින්ද හලංගොඩ මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම
දුනිත් වෙල්ලාලගේ (ශාන්ත ජෝෂප් විදුහල), රවීන් ද සිල්වා (නාලන්දා විද්‍යාලය), අභිෂේක් ලියනාරච්චි (ඩී.එස්. සේනනායක විදුහල), සදීෂ රාජපක්‍ෂ (රාජකීය විද්‍යාලය), ෂෙවොන් ඩැනියෙල් (ශා. ජෝෂප් විදුහල), පවන් පතිරාජ (ත්‍රිත්ව විදුහල), රනුද සෝමරත්න (ත්‍රිත්ව විදුහල), සකුණ ලියනගේ (ලුම්බිණි විදුහල), අංජුල බණ්ඩාර (කටුගස්තොට ශා. අන්තෝනි විදුහල), සදීෂ් ජයවර්ධන (ශාන්ත ජෝෂප් විදුහල), චමිඳු වික්‍රමසිංහ (කටුගස්තොට ශා. අන්තෝනි විදුහල), යසිරු රුද්රිගු (ගල්කිස්ස සා. තෝමස් විදුහල), විනුජ රම්පෝල් (නාලන්දා විද්‍යාලය), මතීෂ පතිරණ (ත්‍රිත්ව විදුහල), වනුජ සහන් (ශා. පීතර විදුහල), මල්ෂ තරුපති (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය), ටේරවින් මැතිව්ස් (කටුගස්තොට ශා. අන්තෝනි විදුහල),
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.