Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමත් සමග සිය කී‍්‍රඩා දිවිය තුළ දිනාගත් විස්සයි-20 ශූරතා සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ දමාගැනීමට පාකිස්තාන තුන් ඉරියව් කී‍්‍රඩක ෂොයිබ් මලික් සමත් විය. ලොව පුරා විස්සයි-20 තරග 461 කට කී‍්‍රඩා කර ඇති මලික්, එහිදී ලකුණු 11,297 ක් රැස්කරමින් කඩුලූ 155 ක් බිඳහෙළා ඇත.
ඔහුගේ විස්සයි-20 ශූරතා ගොන්නට පාකිස්තාන පී‍්‍රමියර් ලීග් ශූරතා 8 ක්, ලංකා පී‍්‍රමියර් ලීග් ශූරතා 3 ක්, බංග්ලාදේශ ප‍්‍රීමියර් ලීග් ශූරතා 3 ක්, විටැලිටි බ්ලාස්ට් (එංගලන්ත) ශූරතාවක්, කැරිබියන් පී‍්‍රමියර් ලීග් ශූරතාවක් සහ 2009 විස්සයි-20 ලෝක කුසලානයද ඇතුළත් වේ.
2012 වසරේදී පැවැති ශ්‍රී ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් ඌව නෙක්ස්ට් කණ්ඩායමේ සාමාජිකයකු වූ මලික්, 2020 සහ 2021 වසර වලදී පැවැති ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලිවල ශූරතා දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම්ද නියෝජනය කළේය.
මලික්ගේ බිරිඳ වන ඉන්දීය ජාතික සානියා මිර්සා වෘත්තීය ටෙනිස් කී‍්‍රඩිකාවකි.
කාන්තා යුගල ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 3 කට සහ මිශ‍්‍ර යුගල ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 3 කට හිමිකම් කියන සානියා, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ, කාන්තා යුගල කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද සමත්ව ඇත.
මලික්ගේ සහ සානියාගේ පුත‍්‍රයා අනාගතයේ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වේද, නැතහොත් ටෙනිස් කී‍්‍රඩකයකු වේද යන පිළිබඳව පසුගියදා ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට පෙර මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් මලික් පැවසූයේ තවමත් 3 හැවිරිදි වියේ සිටින තම පුතණුවන් සෙල්ලම් ඩයිනෝසර්ලා සමගින් කී‍්‍රඩා කරන බවයි.
”පිත්තක්වත්, ටෙනිස් රැකට් එකක්වත් ගන්න තරම් වයසක් තවම එයාට නෑ. මමත් මගේ බිරිදත් තීරණය කරලා තියෙන්නෙ අනාගතේදී එයාට කිසිම දේකට බල කරන්නේ නෑ කියලා”
”එයා කැමති කී‍්‍රඩාවක් කරන්න අපි එයාට ඉඩ දෙනවා.” යැයි මලික් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.