ඇමරිකාවේ චිකාගෝ නගරයේදී මේ මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වීම සදහා ක‍්‍රීඩකයන් සිවුදෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා මල්ලවපොර කණ්ඩායම පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමක් වසර 24 කට මෙවර ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වීම කැපී පෙනෙන අතර අවසන් වරට 1991 වසරේ සහභාගි වී තිබේ.
මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින චාමර මිලින්ද පෙරේරා මෙහිදී ඔලිම්පික් පරිසාධන මට්ටමට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. මෙම කණ්ඩායමට ක‍්‍රීඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දක්වයි.
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට:
එම්. ඒ. සී. කේ. මල්ලවආරච්චි (ලේකම් ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය), ආර්. බී. වික‍්‍රමසිංහ මහතා (සහකාර ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ), කේ. ඞී. එස්. රුවන් චන්ද්‍ර මහතා (ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්), යූ. එච්. නෙවිල් පත්මසිරි මහතා (කණ්ඩායම් කළමණාකරු)
පසු පෙළ වමේ සිට:
ආර්. එස්. මධුෂංක, ආර්. වී. ඒ. පී. පී. පෙරේරා මහතා (පුහුණුකරු), එන්. අයි. ඞී. අබේරත්න, චාමර මිලින්ද පෙරේරා, ශාන්ති ලාල් ඔබේසේකර මහතා (ප‍්‍රධාන පුහුණුකරු) සහ වයි. එම්. එස්. එම්. කේ. යාපාරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.