Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ‍්‍රැත්වේට් - ජොෂුවා කොදෙව් පිල බේරා ගනිති
බාර්බඩෝස් ටෙස්ට් තරගය

බ‍්‍රැත්වේට් - ජොෂුවා කොදෙව් පිල බේරා ගනිති

editorial - 2022 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බාර්බඩෝස්හි කෙන්සිංටන්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ඊයේ (20 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය තවදුරටත් 0-0 ක් ලෙස සම මට්ටමේ පවතී. අවසන් ටෙස්ට් තරගය 24 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියහ. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කොදෙව් නායක ක්‍රෙග් බ‍්‍රැත්වේට්, දෙවැනි ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතකයක් (නොදැවී 56) ලබා තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටියේය. 

බ‍්‍රැත්වේට් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජොෂුවා ද සිල්වා හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 30 ක් රැස්කළේය. එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජැක් ලීච් ලකුණු 36 කට කඩුලූ 3 ක්ද, සකීබ් මොහොමඞ් ලකුණු 21 කට කඩුලූ 2 ක්ද දවාගත් නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
 
සිවුවැනි දිනය වූ පෙරේදා (19 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටි එංගලන්ත පිතිකරුවෝ, ඊයේ දිනයේදී කඩුලූ 6 ක් අහිමි කරගනිමින් සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 145 ක් එක්කර ගත්හ. ඉන් අනතුරුව ඉනිම අත්හිටවූ එංගලන්ත නායක ජෝ රූට්, කොදෙව් කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරධනා කර සිටියේය. 

එංගලන්ත දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු සැක් ක්‍රොව්ලි හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක්ද, ඩැනියෙල් ලෝරන්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 41 ක්ද රැස්කළහ. ජොනී බෙයාස්ටෝ පන්දු 25 කින් වේගවත් ලකුණු 29 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. එහිදී වීරසාමි පෙරුමාල් සහ ජේඞ්න් සීල්ස් කඩුලූ 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ. 

එංගලන්ත පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 507 

කොදෙව් පළමු ඉනිම - සියලූ දෙනා දැවී 411 

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 185 
(ඇලෙක්ස් ලීක්ස් 24, සැක් ක්‍රොව්ලි 40, ඩැනියෙල් ලෝරන්ස් 41, බෙන් ස්ටොක්ස් 19, ජොනී බෙයාස්ටෝ 29, වීරසාමි පෙරුමාල් 29/2, ජේඞ්න් සීල්ස් 34/2)

කොදෙව් දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 135 
(ක්‍රෙග් බ‍්‍රැත්වේට් නොදැවී 56, ජර්මේන් බ්ලැක්වුඞ් 27, ජොෂුවා ද සිල්වා නොදැවී 30, ජැක් ලීච් 36/3, සකීබ් මොහොමඞ් 21/2) 

-036 


අදහස් (0)

බ‍්‍රැත්වේට් - ජොෂුවා කොදෙව් පිල බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.